IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානයේ කම්හල් දෙකක මහා ගින්නෙන් 215ක් මරුට

පාකිස්තානයේ කරච්චි නුවර පිහිටි මහල් හතරකින් යුත් ඇඟලූම් කර්මාන්තශාලාවක ඊයේ(12) හටගත් ගින්නකින් එහි සේවය කළ 194දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. කරච්චි නුවර කර්මාන්තශාලාවේ මෙම ගින්න හටගැනීමෙන් අනතුරුව ලාහෝර්හි පිහිටි සපත්තු කර්මාන්තශාලාවකද ගින්නක් හටගෙන ඇති අතර ඉන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ බව පාකිස්තාන රජය පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් ගින්න හට ගත් අවස්ථාවේදී ගින්නෙන් බේරීමට සිවු මහල් ගොඩනැගිල්ලෙන් බිමට පැන්නවුන් බව වාර්තා වේ. මෙලෙස තුවාල ලැබූවන්ගේ ගණන 65ක් බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ගින්න සම්පූර්ණයෙන් නිවා දැමූ ගිනි නිවන භටයන් පවසන්නේ මේ වන විට මළ සිරුරු 194ක් පමණ සොයා ගෙන ඇති බවයි. මියගිය අයගෙන් බොහෝදෙනෙක් කර්මාන්තශාලාවේ බිම් මහලේ සේවය කරමින් සිටි අය බව ගිනි නිවන භටයෝ පැවසූහ. ගින්න හටගත් අවස්ථාවේදී කර්මාන්තශාලාවේ 200කට අධික පිරිසක් සේවය කරමින් සිට ඇති බව වාර්තා වේ. කරච්චි නගරයෙන් දශක ගණනාවකට පසුව වාර්තා වූ දරුණුතම ගිනි ගැනීමේ සිදුවීම මෙය බව ගිනි නිවන භට කණ්ඩායම් ප‍්‍රධානී සලීම් සඳහන් කළේය. යට ඇඳුම් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් මෙහි ගින්න හටගත්තේ කෙසේදැයි යන්න පිළිබඳව තවමත් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් කරච්චි නගරයේ පොලිස් ප‍්‍රධානියා ප‍්‍රකාශ කළේය. කරච්චි සිද්ධිය සිදු වූ පෙරේදා දින සවස් කාලයේදී ලාහෝර් නුවර පිහිටි සපත්තු නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබේ. ඉන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව 14 දෙනෙක් තුවාල ලැබූහ. ගින්නට හේතුව කර්මාන්තශාලාවේ ඇති විදුලි ජනක යන්ත‍්‍රයේ සිදුවූ දෝෂයක් බව ලාහොර් පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සැලවූ සැනින් එම ස්ථානයට පැමිණි ගිනි නිවන භටයන් කර්මාන්තශාලාව තුළ සිරවී සිටි සේවකයන් බොහෝදෙනකු පිටතට ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ. පාකිස්තාන ආර්ථිකය තුළ ඇඟලූම් ක්ෂේත‍්‍රයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.4ක දායකත්වයක් දක්වන්නේ ද ඇඟලූම් ක්ෂේත‍්‍රයයි.



අදහස් (0)

පාකිස්තානයේ කම්හල් දෙකක මහා ගින්නෙන් 215ක් මරුට

මධූ Thursday, 13 September 2012 12:59 PM

215 ට වඩා මැරුණ කියලා තමයි මම දන්නේ. කොහොම උනත් මෙහෙම හරි ගෙවන එක හොඳයි....(ස)

:       0       0

සජීව Friday, 14 September 2012 07:47 PM

පව් අප්පා. මිනිස්සු (දී)

:       0       0

මධු Thursday, 13 September 2012 07:53 PM

හොද පුවතක්. (නි)

:       0       0

භාලික් Friday, 14 September 2012 11:25 AM

අනේ මධූ, ඔයා හොදටම මදුවිතෙන් නේද ඉන්නේ? 215ක් නෙමෙයි 215000ක් මැරුණත් මේ රටේ ජනගහණය අඩු කරන්න බැහැ. මට ඔයා ගැන හරිම දුකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 719 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17962 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 772 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site