පාකිස්තානයේ ලාහෝර් නුවර ඉකුත් 06 වැනිදා තෙමහල් කර්මාන්තශාලාවක් කඩා වැටීමෙන් මියගිය පුද්ගලයන් ගණන 21 දක්වා ඉහළ ගොස් ඇති බව පාකිස්තාන ආපදා කළමනාකරණ ආයතනය ප‍්‍රකාශ කළේය. මියගිය පුද්ගලයන් අතර කාන්තාවන් 16 දෙනෙක් සහ ළමයින් සිවුදෙනෙක් සිටින බව ද වාර්තා වේ. මහල් තුනකින් යුතු ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් වන මෙහි තිබූ බොයිලේරුවක් සහ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් හටගත් කම්පනයෙන් ගොඩනැගිල්ල කඩා වැටී ඇති බව පාකිස්තාන පොලීසිය සඳහන් කරයි. අනතුරට පත්වූවන් මුදාගැනීමේ කටයුතු සිදු කරන අතරතුර පනස් වියැති පුද්ගලයකු සහ තිස් අට හැවිරිදි කාන්තාවක් බේරා ගැනීමට සහනසේවකයන්ට හැකි විය. ඒ සමඟම අනතුරින් දිවි ගලවාගත් පිරිස දාහතක් දක්වා ඉහළ ගිය බව සහනසේවා නිලධාරීහු පැවසූහ. වසර 25 තරම් පැරණි මෙම ගොඩනැගිල්ලෙහි පවත්වාගෙන ගිය කර්මාන්තශාලාව රජයේ ලියාපදිංචි නොකළ නීතිවිරෝධී එකක් බවත් එහි හිමිකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අරඹා ඇතිබවත් පොලිස් ප‍්‍රකාශකයෙක් පැවසීය. මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කෙරෙන අතර ගොඩනැගිල්ල තුළ සිරවී සිටින පුද්ගලයන් ගණන නිශ්චිතවම කිව නොහැකි බව සහනසේවකයෝ ප‍්‍රකාශ කළහ.
2025 ඔක්තෝබර් මස 08
1984
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පාකිස්තානයේ කම්හලක් කඩා වැටී 21ක් මරුට