IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තානයේ අල් කයිඩා නායකයා මරා දැමෙයි

ප‍්‍රචණ්ඩ කි‍්‍රයා රැසකට සම්බන්ධ පාකිස්තානයේ අල් කයිඩා නායක බඩාර් මන්සූර් මරා දැමීමට ඇමෙරිකන් හමුදාව ඊයේ (9) සමත්විය. ඇෆ්ගන්/පාකිස්තාන දේශසීමාව අසල උතුරු වසිරිස්තානයේ මිරන්ෂා නුවර සැඟවී සිටි මන්සූර්, මියගියේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ ප‍්‍රහාරයකදී යැයි ඇමෙරිකා හමුදාව පවසයි. බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමින් ඇමෙරිකන් හමුදාව මන්සූර් සැඟවී සිටි නිවසට පහර දුන්නේ ඊයේ අලූයමය. ප‍්‍රහාරයෙන් තවත් අල් කයිඩා සටන්කාමීන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මන්සූර් මියගිය බව මේ වනවිට තහවුරු වී ඇති බවත් අල් කයිඩා සටන්කාමීන්ගේ පණිවුඩ හුවමාරුවලට හොරෙන් කන් දී ඒ බව සැක හැර දැනගත් බවත් පාකිස්තාන රජය ද පවසා ඇත. පාකිස්තානයේ සැඟවී සිටි අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු ඇමෙරිකාව ඉස්ලාමීය සටන්කාමීන් ජේෂ්ඨ නායකයකු ඝාතනය කළ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් ඇෆ්ගන් තලේබාන් නායකයා ද ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඝාතනය කළේය. ඇමෙරිකා හමුදා බින් ලාඩන් ඝාතනය කළේ පාකිස්තාන රජයට නොදන්වාය. ඒ, පාකිස්තාන රජයේ ඇතැම් නිලධාරීන් අල් කයිඩා සාමාජිකයන් සමඟ සම්බන්ධකම් පවත්වන බව හෙළි තහවුරු වී ඇති නිසාය. ඉකුත් නොවැම්බරයේදී ඇමෙරිකා ඩ්‍රෝන යානා ප‍්‍රහාරයකින් පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේ මුරපොළක සිටි පාකිස්තාන හමුදා සෙබළු 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම සිදුවීමත් සමඟ ඇමෙරිකාව සහ පාකිස්තානය අතර ඇයිහොඳයිකම් පළුඳු විය.



අදහස් (0)

පාකිස්තානයේ අල් කයිඩා නායකයා මරා දැමෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site