IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තානයේදී පැහැරගත් බි‍්‍රතාන්‍ය රතු කුරුස සේවකයා ඝාතනය කෙරේ

පාකිස්තාන තලේබාන් සටන්කාමීන් මීට මාස හතරකට පෙර පැහැර ගනු ලැබූ අන්තර් ජාතික රතු කුරුස සංවිධානයේ සේවකයකු වන කහීල් රෂ්ඞ්, බලූකිස්තානය ප‍්‍රාන්තයේ ක්වෙටා නගරයට නුදුරින් මරා දමා ඇත. ගෝනියක බහා පලතුරු වත්තක දමා තිබුණු ඔහුගේ මළ සිරුර අසල තිබී තලේබාන් සටන්කාමීන්ගේ ලිපියක් ද හමුවවී ඇතැයි පාකිස්තාන ආරක්ෂක අංශ පවසයි. සටන්කාමීන් ඉල්ලූ කප්පම නොදුන් නිසා රෂ්ඞ් මරා දැමූ බව එම ලිපියෙහි සඳහන් වේ. පාකිස්තානයේ සෞඛ්‍ය වැඩසටහන් කිහිපයකට සම්බන්ධ ව සිටි රෂ්ඞ් (60* මුස්ලිම් ජාතික බි‍්‍රතාන්‍ය වැසියෙකි. තලේබාන් සටන්කාමීන් පිරිසක් ඔහු පැහැර ගෙන ගියේ ඉකුත් ජනවාරි 3 වැනිදාය. එම අවස්ථාවේදී ඔහු සේවය නිම කොට නවාතැන වෙත යමින් සිටියේය. රෂ්ඞ්ගේ ඝාතනය තරයේ හෙලා දකින බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි. මානුෂීය මෙහෙයුම් වෙනුවෙන් තම මුළු ජීවිතයම කැප කළ කහීල් රෂ්ඞ් පැහැරගෙන ගොස් මරා දැමීම කිසිසේත් අනුමත කළ නොහැකි තිරිසන් කි‍්‍රයාවක් යැයි ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් යේස් ඩකෝඞ් පවසයි. රතු කුරුස සංවිධානයේ සහන සේවා නිලධාරියකු ලෙස රෂ්ඞ්, සෝමාලියාවේත්, ඇෆ්ගනිස්තානයේත්, ඉරාකයේත් කැපී පෙනෙන සේවයක් සිදු කළ අයෙකි.



අදහස් (0)

පාකිස්තානයේදී පැහැරගත් බි‍්‍රතාන්‍ය රතු කුරුස සේවකයා ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 179 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site