IMG-LOGO

පාකිස්තානයට එන්න: අගමැති මෝදිට ඇරැයුම්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට නිල වශයෙන් ඇරැයුම් කර ඇත.

ෂැංග්හායි සහයෝගී සමුළුව යනු චීනයේ ද මැදිහත් වීමෙන්, කාලාපීය රටවල එකමුතුවෙන්, පිහිටුවා ගත් ආර්ථික හවුලකි. චීනය සේම, ඉන්දියාවත් පාකිස්තානයත් එහි ප්‍රබල සාමාජිකයන්ය. ෂැංග්හායි සමුළුව පැවැත්වෙන්නේ එලැඹෙන ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිතය.

සමුළුවට සහභාගී වෙන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට අපි නිල වශයෙන් ඇරැයුමක් යැව්වා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමුළුවට සහභාගී වේවි යැයි අප විශ්වාස කරනවා’ යැයි පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශ ප්‍රකාශක මුම්තාස් සහාර් බලෝච් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර ඇත. ඉන්දු පාකිස්තාන විරසකය හේතුවෙන් ෂැංග්හායි සමුළුවට සහභාගී වෙනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි තවමත් පාකිස්තානයට පිළිතුරක් දී නැත.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තානයට එන්න: අගමැති මෝදිට ඇරැයුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 170 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 661 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1063 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site