මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකට අදාලව, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සුකේෂ් චන්ද්‍රසේකර් නමැත්තාගෙන් තමන්ට තර්ජන එල්ල වන බව ශ්‍රී ලාංකික බොලිවුඞ් නිළි ශිල්පිනී ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස්, ලිපියක් යොමු කරමින් දිල්ලි පොලිස්පතිට පැමිණිලි කර තිබේ.
සුකේෂ් චන්ද්‍රසේකර්, ඔහුගේ හිතවාදීන් යොදවා තමන් බිය ගැන්වීමට උත්සාහ ගන්නවා යැයි ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් එම ලිපියේ සඳහන් කර ඇත.
මෙම තර්ජන හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට පත්ව සිටින බවත්, තම ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් ජැක්ලීන් වැඩි දුරටත් එම ලිපිය මගින් පවසා තිබේ.
ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකාරියක ලෙස ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස් නම් කරනු ලැබුවේ 2022 වසරේදීය. සුකේෂ් චන්ද්‍රසේකර් කප්පම් ගැනීම ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5.71 ක මුදලක් වැය කර ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස්ට ත්‍යාග ලබා දී ඇත. මෙම සිද්ධියට අදාලව, දිල්ලි අධිකරණය විසින් ඇයව ඇප මත මුදා හරිනු ලැබ ඇත.
39 හැවිරිදි ජැක්ලීන් ෆර්ඩිනෑන්ඩස්, 34 හැවිරිදි සුකේෂ් චන්ද්‍රසේකර් සමග සබඳතාවක් පැවතීම නිසා මෙම නඩුව පවරා තිබූ අතර, ජැක්ලීන්ගේ නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායිකාව සංකීර්ණ අපරාධ ජාලයක ගොදුරක් වී ඇති බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිළි ජැකලීන්ට තර්ජන