IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි

සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්‍රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටියත්, එය ලබන ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් දැමුණු බව පැවැසෙයි.

‘සයිකී 16’ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පටියේ පාමෙන් පවතින ග්‍රහකයකි. සාමාන්‍යයෙන් ග්‍රහකවල අඩංගු වන්නේ පාෂාණ සහ අයිස් ය. එහෙත්, ‘සයිකී 16’ ග්‍රහකයේ ඇත්තේ රත්තරන් ද ඇතුළු මිල කළ නොහැකි වටිනා ලෝහ යැයි තාරතා විද්‍යාඥයන් තහවුරු කර තිබේ. නාසා ආයතනය එය වැඩි දුර ගවේෂණයට රොබෝ යානයක් යවන්නේ ඒ නිසාය.

‘සයිකී 16’ග්‍රහකය කැබැලි කර, මනුෂ්‍ය වර්ගයා අතරේ බෙදා දුන්නොත්, සෑම කෙනකුම බිලියනපතියකු වනු ඇති බව ද ග්‍රහකය කොතරම් වටිනවාදැයි පෙන්වා දෙමින් නාසා ආයතනය පැහැදිලි කර ඇත.

‘සයිකී 16’ ග්‍රහකය පළමුවෙන්ම සොයා ගැනීම සිදුවූයේ 1852 වසරේදීය. ග්‍රහකයේ පළල කිලෝ මීටර් 225 කි.

ග්‍රහකය ඇත්තේ අඟහරු සහ බෘහස්පති අතරේය. ‘සයිකී 16’ ගවේෂණවයට යැවෙන නාසා රොබෝ යානය ද නම් කර ඇත්තේ ‘සයිකී’ යනුවෙනි. එය ලබන ඔක්තෝබර් 12 වැනිදා අභ්‍යවකාශයට රැගෙන යෑම සිදු කරනු ඇත්තේ, ‘ස්පේස් එක්ස්’ සමාගමේ ‘ෆෝල්කන් හෙවී’ රොකට්ටුවකිනි.

ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (0)

නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site