IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නාසා රොකට්ටුව සඳ බලා යයි

ප්‍රමාදවීම් රැසකින් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනය 'ආර්ටිමිස් 1' චන්ද්‍ර මෙහෙයුම ආරම්භ කරමින්, අධි බලැති 'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' නමැති රොකට්ටුව ගුවන්ගත කළේය.

'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට් පද්ධතියේ අරමුණ ඊට සම්බන්ධ කළ 'ඔරියන්' නමැති චන්ද්‍ර යානය එසේත් නැතිනම් ගගන කැප්සියුලය පෘථිවි කක්ෂයට රැගෙන ගොස් මුදා හැරීමය.

'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට් පද්ධතිය යොදා ගැනීම සිදුවූයේ 'ඔරියන්' චන්ද්‍ර යානය ගුරුත්ව බලයෙන් මිදී පෘථිවි කක්ෂයට තල්ලු කිරීමටය.

උඩු ගුවන බලා යද්දී, රොකට්ටුවේ කොටස් එකිනෙක පහළ සාගරයට කඩා වැටුණි. ඇමෙරිකන් නාවික හමුදාව ඒවා යළි එක් රැස් කර ගැනීමට සීරුවෙන් සිටියේය. ඒ නැවත භාවිතයට යොදා ගැනීම සඳහාය.

'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට්ටු පද්ධතියට ඇතුළත් ප්‍රධාන රොකට්ටුව මීටර් 98 ක් උසය. 'ඔරායන්' චන්ද්‍ර යානය සවි කර තිබුණේ රොකට්ටුව මුදුණේය.

පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන් වන 'ඔරියන්' චන්ද්‍ර යානය සඳ බලා යන ගමන ආරම්භ කරනු ඇත.

'ඔරියන්' චන්ද්‍ර යානය සම්බන්ධ මෙම චන්දු මෙහෙයුම අත්හදා බැලීමේ මෙහෙයුමක් වන අතර, සැබෑ ගගනගාමීන් එහි නැත. යානය තුළ සංවේදක සවි කර තිබේ. 'ඔරියන්' චන්ද්‍ර' යානය සඳට ළං වී සඳ වටා කැරැකී සඳුගේ අඳුරු පැත්ත ද පසු කර යළි පෘථිවියට පැමිණෙනු ඇත.

'ඔරියන්' චන්ද්‍ර' යානය යළි පෘථිවියට පැමිණෙනු ඇත්තේ සති 6 ක කාලයකින් පසුවය. ආපසු පෘථිවියට පැමිණෙන චන්ද්‍ර යානය පැරෂූට් ආධාරයෙන් සාගරයට පතිත කෙරෙනු ඇත.

'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' රොකට් පද්ධතිය, 'ඔරියන්' චන්ද්‍ර යානය රැගෙන පෘථිවි කක්ෂයට පිටත් වී ගියේ, කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. රොකට්ටුව ගුවන්ගත වන ආකාරය දැක ගැනීමට 15,000 කට වැඩි පිරිසක් රැස්ව සිටියහ.

නාසා ආයතනය මෙම ‘ආර්ටිමිස්' මෙහෙයුම් ආරම්භ කර ඇත්තේ යළි සඳට මිනිසුන් යැවීමටය. ‘ආර්ටිමිස්' මෙහෙයුම් යටතේ පළමුවෙන් සඳට කාන්තාවක් යැවීමට ද නාසා ආයතනය අපේක්ෂා කරයි.

‘ආර්ටිමිස් 1’ මෙහෙයුම සාර්ථක වුවහොත් ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම යටතේ ගගනගාමීන් තිදෙනකු සඳට ගොස් සඳ වටා කැරැකී ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට නියමිතය.

ගගනගාමීන් සඳට පය තැබීම සිදුවන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය. එය සිදුවනු ඇත්තේ 2024 වසරේදී යැයි නාසා ආයතනය පැහැදිලි කරයි. ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම ඓතිහාසික වනු ඇත. ඊට හේතුව පළමු කාන්තා ගගනගාමියා සඳට පය තබනු ඇත්තේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නාසා රොකට්ටුව සඳ බලා යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site