IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාසා යානය සඳට ගොඩබායි

ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි.

ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 කට පසුවය. ඇමෙරිකාවේ නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් වී, සඳට රොබෝ යානයක් පතිත කරන පළමු අවස්ථාව මෙයයි.

පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින්, නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර, ඒවා නම් කෙරෙන්නේ, ‘කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස්’ නමිනි. කෙටියෙන් මෙම මෙහෙයුම් හැඳින්වෙන්නේ ‘ක්ලිප්ස්’ යනුවෙනි. ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ එම චන්ද්‍ර යානය සඳට කඩා වැටුණු අතර එම මෙහෙයුම අසාර්ථක විය.

සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කළේ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයයි. මෙය ‘ලෑන්ඩර්’ වර්ගයේ රොබෝ යානයකි. යානය පතිත කළේ ‘මැලපර්ට් ඒ’ නමින් නම් කළ චන්ද්‍ර ආවාටයටය.

‘ඔඩිසියස්’ යානය, සඳ බලා යෑම සඳහා පෘථිවි කක්ෂයට රැගෙන ගියේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ‘ෆෝලකන් 9’ වර්ගයේ රොකට්ටුවය. ඒ, පසුගිය පෙබරවාරි 15 වැනිදාය. ‘ෆෝලකන් 9’ ගුවන්ගත වූයේ ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

නාසා යානය සඳට ගොඩබායි

dupul Friday, 23 February 2024 08:13 AM

ඇමෙරිකාව අවුරුදු 52 ට ඉස්සර සඳට යානයක් යැව්වා. අපි අවුරුදු 72 ක් තිස්සේ තවමත් සඳ දිහා බලාගෙන ගණන් හදමින් ඉන්නවා.

:       0       0

Perera Friday, 23 February 2024 09:52 AM

චිචියගේ රොකට් එකත් හඳේ තියනවාද කියලා බැලුවා නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site