ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහීන් අතින් සිරියාවේ ඩමැස්කස් අගනුවර නව කොන්සල් කාර්යාලයක් විවෘත කෙරුණි.
ඉරානය ඩමැස්කස් අගනුවර මේ අයුරින් නව කොන්සල් කාර්යාලයක් විවෘත කළේ, මීට පෙර පැවැති ඉරාන කොන්සල් කාර්යාලය ඊශ්‍රායල ප්‍රහාරයකින් විනාශ වීමෙන් පසුවය.
නව කොන්සල් කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද පැවැත්වුණු අතර, සිරියානු විදේශ අමාත්‍ය ෆයිසාල් මෙක්ඩෑඞ් ඇතුළු රජයේ නියෝජිතයෝ බොහෝ දෙනෙක් ද ඊට එක් වූහ.නව කොන්සල් කාර්යාලය විවෘත කිරීමෙන් පසු ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලහීන්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් විනාශ වුණු කොන්සල් කාර්යාලය පියිටි ස්ථානයට ගිය බව ද පැවැසෙයි.
ඊශ්‍රායලය එල්ල කළ එම ප්‍රහාරය සම්බන්ධයෙන්, ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත්, ඉරානය සුදුසු පරිදි ඊශ්‍රායලයට එරෙහිව පියවර ගනු ඇති බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා එම අවස්ථාවේ දී පැහැදිලි කළේය.
(ප්‍රෙස්ටීවී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නව ඉරාන කොන්සල් කාර්යාලයක්