IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


නවසීලන්ත අගමැතිනියට ’ෆයිසර්’ එන්නත

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා ඒර්ඩන්, එරට එන්නත් මධ්‍යස්ථානයකට ගොස් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි 'ෆයිසර්' එන්නත ලබා ගත්තාය. නවසීලන්ත වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම නිපදවා ඇති 'ෆයිසර්' එන්නතය.

කොවිඩ් 19' ‌හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භයේ පටන්, එය ඉතා හොඳින් පාලනය කර ගැනීමට සමත් වුණු රට නවසීලන්තයයි. මෙසේ පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නවසීලන්ත රජයටත්, සෞඛ්‍ය අංශවලටත්, අගමැතිනී ජැසෙන්ඩා ඒර්ඩන්ටත් ප්‍රශංසා කර ඇත්තේ ද මේ නිසාය. ඕක්ලන්ඩ් නුවර මැනුරෙවා එන්නත් විදිමේ මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබා ගැනීමෙන් පසු ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් ද පළ කළාය‍.

'අප පළමුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය දී එන්නත ලබා දීම ආරම්භ කළා. ඉන්පසු ජනතාවට එන්නත් ලබා දීම ක්‍රමයෙන් ආරම්භ කළා. එසේ එන්නත් ලබා දීම සිදුවෙද්දී මමත් තීරණය කළා එන්නත ගන්න. මා එසේ කළේ ජනතාව දිරි ගැන්වීමක් ලෙසයි.' යැයි නවසීලන්ත අගමැතිනිය සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනේ සඳහන් වෙයි.

(රොයිටර්)



අදහස් (0)

නවසීලන්ත අගමැතිනියට ’ෆයිසර්’ එන්නත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site