IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තයේ ලොක්ඩවුන් සීමා ලිහිල් වෙයි

නවසීලන්තය මේ සතියේ දී ‘කොවිඩ්-19’ ලොක්ඩවුන් සීමා ලිහිල් කරනු ඇතැයි වාර්තා වේ.

කෙසේ නමුත් නව රැල්ල පැතිර යෑමේ කේන්ද්‍රස්ථානය වූ ඕක්ලන්ඩ් නුවරට පනවා තිබෙන දැඩි ‘කොවිඩ්-19’, ‘ලොක්ඩවුන්’ සීමා ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනු ඇතැයි වාර්තා වේ.

ඕක්ලන්ඩ් නුවරට පනවා තිබෙන නිවසේ රැඳී සිටීමේ පනවා තිබෙන දැඩි සීමා ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ඊයේ (6) ප්‍රකාශ කළාය.

අඟහරුවාදා රාත්‍රියේ සිට මිලියන තුනක් පමණ වන නවසීලන්ත වැසියන් තවදුරටත් නිවෙස්වල රැඳි සිටිය යුතු නැතැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවා ය.

සති තුනකට පසු මෙම සතියේ බ්‍රහස්පතින්දා දිනයේ දී පාසල් විවෘත කිරීමට බලපොරොත්තු වන බව ඇය පැවැසුවා ය.

ඉකුත් මාසයේ දී නවසීලන්තයෙන් ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වයිරසය ආසාදනය වූ පුද්ගලයකු හඳුනා ගැනුණි. ඉන් අනතුරුව වයිරස ආසාදිත පොකුරක්ම හඳුනාගත් අතර ඕක්ලන්ඩ් නුවර වයිරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙසින් නම් කෙරුණි.

මේ අනුව ඕක්ලන්ඩ් නුවරට තවත් සතියක් යන තුරු දැඩි සීමා ක්‍රියාත්මක වන බව ද නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවා ය.

ඕක්ලන්ඩ් නුවර පමණක් මිලියන දෙකකට ආසන්න ජනගහනයක් ජීවත් වෙති. නවසීලන්තයේ සමස්ත ජනගහනය මිලියන පහකට ආසන්න වේ.

වයිරස ආසාදිතයන් ගණන අඩු කරගැනීමට අපට හැකියාව ලැබුණු බවත් ඩෙල්ටා ප්‍රභේදයෙන් තිබෙන අවදානම තවමත් පහව ගොස් නැති බැවින් ඕක්ලන්ඩ් නුවරට පනවා තිබෙන සීමා දැන්ම ම ලිහිල් කළ නොහැකි බව අග්‍රාමාත්‍යවරිය පැවැසුවා ය.

නවසීලන්තය සතුව මට්ටම් හතරකින් සමන්විත කොවිඩ්-19 ප්‍රතිචාර පද්ධතියක් පවතී.

මේ අනුව ඕක්ලන්ඩ් නුවර හැර නවසීලන්තයේ අනෙක් ප්‍රදේශ සියල්ලේම අනතුරු සංඥා/අවදානම් මට්ටම, දෙවැනි මට්ටම දක්වා පහත දැමෙනු ඇත.

ඒ අනුව අනිවාර්යයෙන්ම නිවසේ රැඳී සිටිය යුතු නියෝගය ලිහිල් කෙරේ. කෙසේ නමුත් සමාජ ඒකරාශී වීම්, අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලඳීම යනාදිය තවදුරටත් පවත්වාගෙන යා යුතු වේ.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින්, රට තුළින් වයිරස ආසාදිතයකු හමුවූයේ මාස හයකට පසුව ය. නවසීලන්තය යනු ලොව නව කොරෝනා වයිරසය නොමැති එනම් නව කොරෝනා වයිරසයෙන් නිදහස් ලොව ස්වල්ප ස්ථානවලින් එකකි.

නවසීලන්තය නව කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කිරීම හේතුවෙන් ලොව ඇගයීමට පත් රටවල් කිහිපය අතරින් එකක් ද වේ.

නව කොරෝනා වයිරසයේ, ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීම හේතුවෙන් නවසීලන්තයේ 90 හැවිරිදි කාන්තාවක් පසුගිය සෙනසුරාදා මරණයට පත්වූවා ය. නවසීලන්තයෙන් කොවිඩ්-19 වයිරස ආසාදිත මරණයක් වාර්තා වූයේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ය. එම මරණයත් සමඟ නවසීලන්තයේ සමස්ත කොවිඩ්-19 ආසාදිත මරණ ගණන 27ක් දක්වා ඉහළ ගියේ ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (1)

නවසීලන්තයේ ලොක්ඩවුන් සීමා ලිහිල් වෙයි

ruwan Tuesday, 07 September 2021 03:35 PM

ඔය සේරම ලොක් ඩවුන් තව ටික දවසකින් ඉවරයි

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 670 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2336 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site