IMG-LOGO

නවසීලන්තයේ ’ඩෙල්ටා’ ආසාදිතයන් ඉහළට

'කොවිඩ් 19 ඩෙල්ටා' විකෘතිය ව්‍යාප්තවීමත් සමඟ, නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවරින් සහ වෙලිංටන් අගනුවරින් ආසාදිතයන් හමුවෙමින් පවතින බව සෞඛ්‍ය අංශ ප්‍රධානී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පවසයි.

'ඩෙල්ටා කියන්නේ එසේ මෙසේ කොවිඩ් 19 වයිරසය විකෘතියක් නොවෙයි. ඒක වෙනම අලුත්ම විදියේ වයිරසයක් හා සමානයි.' යැයි වෙලින්ටන් අගනුවර පැවැති මාධ්‍ය හමුවකදී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දුන්නාය.

නවසීලන්තය යනු 'කොවිඩ් 19' වයිරසය ලොව පුරා පළමු වරට ව්‍යාප්ත වෙද්දී, එය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කර ගත් රාජ්‍යයකි. ඒ සම්බන්ධයෙන් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසැසුම් පවා හිමි වී ඇත.

නවසීලන්තය මාස ගණනාවකට පසු යළිත් වරක් ලොක්ඩවුන් කෙරුණේ 'ඩෙල්ටා' ව්‍යාප්තියත් සමඟය. මේ වනවිට නවසීලන්තයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 148 කි. ඕක්ලන්ඩ් නුවරින් අලුතින් වාර්තා වූ ආසාදිතයන් 38 දෙනා ඩෙල්ටා විකෘතිය ආසාදනය වූවන් බව තහවුරු වී ඇත. ඊට අමතරව වෙලිංටන් අගනුවරින් ද ඩෙල්ටා ආසාදිතයන් සිවු දෙනකු වාර්තා වන බව සෞඛ්‍ය අංශ ප්‍රධානී ඈෂ්ලී බ්ලූම්ෆීල්ඩ් පෙන්වා දුන්නාය.

මීට පෙර 'කොවිඩ් 19' ව්‍යාප්ත වෙද්දී සාර්ථක වූ අයුරින්, මෙම ඩෙල්ටා විකෘතිය පාලනය කිරීමට ජනතා සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ පෙන්වා දී තිබේ. විනයගරුක ජනතාවක් තමන්ට සිටින බැවින් මෙම කොරෝනා රැල්ල ද පහසුවෙන් පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(රොයිටර්)



අදහස් (1)

නවසීලන්තයේ ’ඩෙල්ටා’ ආසාදිතයන් ඉහළට

jagath Wednesday, 25 August 2021 03:31 PM

ආසයි අප්පා ඒවගේ අගමැති කෙනෙක් යටතේ පුරවැසියෙක් වෙලා ඉන්න... කොරෝනා හැදිලා මැරුණත් සැපයි.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 397 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 194 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1896 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site