IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


නෙවල්නිට තවත් සිර දඬුවමක්

රුසියානු විපක්ෂ නායක දුෂණ විරෝධී ක්‍රියාකාරී ඇලෙක්සි නෙවෙල්නි වංචා කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ වරදට රුසියානු අධිකරණයක් විසින් වසර 9 ක සිර දඬුවමක් නියම කරනු ලැබීය.

ඇලෙක්සි නෙවෙල්නි හට මෙම තීන්දුව දුන් මොහොතේ 2014 වසරේ රුසියානු අධිකරණයක් විසින් ලබාදුන් අත් හිට වූ සිර දඬුවමක කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් වසර දෙකයි මාස අටක සිරදඬුවමක් විඳිමින් සිටියේය.

අලුත් සිර දඬුවම නියම වීමත් සමග ඉහළ ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයක් වෙත මාරු කර යවා ඇත.

වසර 13 ක සිර දඬුවමක් රජයේ නීතිඥයින් විසින් ඉල්ලා සිටි නඩු විභාගයේදී ඇලෙක්සි නෙවෙල්නි වරද පිළිනොගත්තේය.මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනා කිරීමේ හැකියාව ඇලෙක්සි නෙවෙල්නි හට තිබෙන බව විශ්ලේෂකයෝ පවසති.

අධිකරණයේදී  රජයේ නීතිඥයින් ඇලෙක්සි නෙවෙල්නි සහ සගයන් ඔහුගේ දූෂණ විරෝධී සහ දේශපාලන කඳවුරු වලට ලැබුණු ආධාර තම පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා අවභාවිතා කළ බවට තර්ක කළ අතර එය පිළිගත් අධිකරණය සිර දඬුවමට අමතරව රුසියානු රූබල් මිලියන 1.2 දඩයක්ද නියම කළේය.

ඇලෙක්සි නෙවෙල්නි වෘත්තියෙන් නීතිඥවරයෙක් වන අතර දුෂණ විරෝධී ක්‍රියාකාරිකයෙකු මෙන්ම රුසියානු විපක්ෂ නායකවරයා ද වේ. ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි.

(රොයිටර්)



අදහස් (0)

නෙවල්නිට තවත් සිර දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site