රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, බන්ධනාගාරගතව සිටියදී මියයෑම සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සහ රජයට දිගින් දිගටම දොස් අහන්න සිදුවී ඇත.
රුසියාවේ සිටින ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය තානාපතිවරුන් මොස්කව් අගනුවර ස්ලොවෙට්ස්කි ස්ටෝන් ස්මාරකයට ගොස්, මියගිය රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි වෙනුවෙන් පිහිටුවා ඇති ස්මාරකයකට පුෂ්පෝපහාර දැක්වූහ.
ස්ලොවෙට්ස්කි ස්ටෝන් යනු රුසියාවේ මර්දනයට ලක්වන විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් වෙනුවෙන් ඇති, ඔවුන්ට උපහාර දැක්වීමට ඇති ස්ථානයයි.
47 හැවිරිදි නෙවල්නි මියගියේ, රුසියාවේ සයිබීරියාවට අයත් ආක්ටික් කලාපයේ අධික සීතල කාලගුණයක් පවතින බන්ධනාගාරයක රඳවා සිටියදීය. බන්ධනාගාරගතව සිටි නෙවල්නි දැඩි ලෙස රෝගී වූ බවත් ඔහුට නිසි ප්‍රතිකාර නොලැබෙන බවත් පසුගිය කාලයේ විටින් විට ආරංචි විය.
නෙවල්නි හිතවාදීන් පෙන්වා දෙන්නේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නියෝගයකට අනුව, නෙවල්නි ඝාතනය කෙරුණු බවය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නෙවල්නිට ගෞරව දක්වති