
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර මහල් නිවාස ගොඩනැගිල්ලක ගින්නක් පැතිර යෑමෙන්, 19 දෙනකු මියගිය බවත්, ඔවුන් අතරින් නව දෙනකු කුඩා දරුවන් බවත් වාර්තා වේ. තුවාල ලබා රෝහල් ගත කළ ගණන 32 කි.
රෝහල් ගත කළ අයගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් නිව්යෝක් නගරාධිපති එරික් ඇඩම්ස් මාධ්‍ය හමුවේ පවසා තිබේ.
ගින්න හටගෙන ඇත්තේ මහල් 19 කින් සමන්විත ගොඩනැගිල්ලකය. නිව්යෝක් පුවත් සේවා වාර්තා කළේ වසර 30 කට පසු නිව්යෝක් නුවරින් වාර්තා වූ දරුණුතම ගිනි අනතුර මෙය බවය.
ගින්න හටගත් ගොඩනැගිල්ල පිහිටා ඇත්තේ බ්‍රොන්ක්ස් පළාතේය. ගින්න හටගත් බව පැවැසෙන්නේ රාත්‍රී 11 ට පමණය. තෙවැනි මහලෙන් ආරම්භ වුණු ගින්න ඉහළ මහලවලට වේගයෙන් පැතිර ගොස් තිබේ.
ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 200 දෙනකු පැමිණි අතර, ගින්න නිවා දැමීමට ඔවුන්ට පැය ගණනක් ගත විය. විදුලි හීටරයක් ගින්නට හේතුව යැයි මූලික පරික්ෂණවලදී තහවුරු වී ඇතැයි නිව්යෝක් ගිනි නිවන දෙපාර්තමේන්තු ප්‍රධානී ඩැනියෙල් නීග්‍රෝ පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිව්යෝක් මහල් නිවාස ගොඩනැගිල්ලක් ගිනි ගනී