නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ ලොන් අයිලන්ඩ් විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් 4 වැනි ඉරිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ලොන් අයිලන්ඩ් විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමියන් හා ඇත්කඳවල සද්ධාජීව හිමියන්ගේ මූලිකත්වයෙන් නිව්යෝක්හි පදිංචි ක්ලින්ටන් ප්‍රනාන්දු, ශ්‍රීමාලි ප්‍රනාන්දු, මයිකල් පෙරේරා හා මොනිකා පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින පිංකම සිදුකෙරිණි.
පිංකමේ ප්‍රධාන දායකයෝ කතෝලික බැතිමතුන් වීම ද විශේෂත්වයකි. කඨින පිංකම පැවැති දිනයේදී ඇමරිකා ජාතිකයන් දෙදෙනකු බෞද්ධාගම වැළඳගැනීමද එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් විය.
2025 නොවැම්බර් මස 04
510
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2246
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1680
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිව්යෝක් නුවර පිංකම් රැසක්
චන්ද්‍රසිරි ලංකාවීර Tuesday, 06 October 2015 11:34 AM
සාදු සාදු බොහොම වටිනවා (බ)
හරිශ්චන්ද්‍ර Wednesday, 07 October 2015 01:32 AM
එසේම නිව්ජර්සි බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බවත් පවසනු කැමැත්තෙමි (නි)
ප්‍රංශයේ - සුජීව Tuesday, 06 October 2015 03:01 PM
විදෙස් රට වල මේ පිංකම් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි ! (බ)
සමන් පෙරේරා - සෞදි Wednesday, 07 October 2015 05:27 AM
ඉතාමත් වටින ක්‍රියාවක්, නමුත් අපේ කාන්තාවන්ට වැදගත් රටක ඉදලත් පිළිවලකට කොණ්ඩය සකසාගෙන ආගමික වතාවකට සහබාගි වන්න තවම දන්නේ නැහැ. (බ)
ජනක මනතුංග Friday, 09 October 2015 06:22 PM
සමන් පෙරේරා මොනවා කියනවද මන්දා? නොදන්නාදේට බොරුවට ලියන්න එපා.මමත් එතනට සහභාගි වුණ කෙනෙක් හැටියට වගකීමෙන් කියන්නේ කාලෙකින් විශාල පිරිසක් සහභාගි වුණ පින්කමක් වගේම සියල්ලන්ම උචිත විදියට පින්කමට දායක වුණ වග (නි)
වීරතුංග Tuesday, 06 October 2015 05:14 PM
බුද්ධ ශාසනය දියුණුව උදෙසා නන්ද හිමියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
මිත්‍ර Tuesday, 06 October 2015 11:34 AM
සාදු සාදු සාදු (බ)