IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නවදිල්ලි නුවර දුම්රියපොළට බෝම්බ ගහන්න හැදූ තැත වරදී

නවදිල්ලි අගනුවර ප‍්‍රධාන දුම්රිය පොළට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට පාකිස්තානයේ ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීන් ගත් උත්සාහයක් ඉන්දීය ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් පෙරේදා (29) ව්‍යර්ථ කෙරුණි. නවදිල්ලි දුම්රිය පොළට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලැසුම් කරන බව ඉන්දීය බුද්ධි අංශ අනතුරු ඇඟවීමත් සමඟ නවදිල්ලි පොලිස් නිලධාරීන් වහාම කි‍්‍රයාත්මක වී බෝම්බය ඇටවූ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පාකිස්තාන ජාතිකයන් බව පැවසේ. ඔවුන් ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමී සංවිධානයට සම්බන්ධදැයි සෙවීමේ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති බව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමැති පී චිදම්බරම් මාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසීය. දුම්රිය පොළේ කාර්ය බහුල අවස්ථාවක බෝම්බය පුපුරුවා හැර මහා ජීවිත විනාශයක් සිදු කිරීමට ත‍්‍රස්තවාදීන් සැලැසුම් කර තිබුණු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 10 ක් රිමාඞ් භාරයේ තැබීමටත් ඉන්පසු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටත් නියමිතය. ‘ලෂ්කාර් ඊ තයිබා’ යනු පාකිස්තිනයේ කි‍්‍රයාත්මකව තිබෙන බලවත්ම සටන්කාමී සංවිධානයයි. ඇමෙරිකාව ප‍්‍රමුඛ ඇතැම් බටහිර බුද්ධි අංශ පවසන්නේ ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීන්ට පාකිස්තාන රජයේ ද සහාය ලැබෙන බවය. 2008 වසරේ දී ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින්නෝ ද ‘ලෂ්කාර් ඊ තයිබා’ සටන්කාමීහුය. එම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් 166 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විදේශිකයෝ ද ඒ අතර වෙති.



අදහස් (0)

නවදිල්ලි නුවර දුම්රියපොළට බෝම්බ ගහන්න හැදූ තැත වරදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 26 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site