IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නවදිල්ලි දැරියට අතවර කළ දෙවැනි සැකකරු අත්අඩංගුවට

ඉන්දියාවේ නවදිල්ලි නුවර පස් හැවිරිදි දැරියක පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් අතර සිටි දෙවැනි සැකකරු ද පෙරේදා (22) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
දෙවැනි සැකකරු ලෙස අත්අඩංගුවට ඇත්තේ පළමු සැකකරු 24 හැවිරිදි මනෝජ් කුමාර්ගේ සොහොයුරාය. ඔහු ඇඟලූම් කම්හල් සේවකයකු වන ප‍්‍රදීප් කුමාර්ය.
එම දැරිය අතුරුදන් වූයේ ඉකුත් 15 වැනිදාය. දින දෙකකට පසු සොයා ඇය නවදිල්ලි නුවර මහ රෝහලට ඇතුළත් කෙරුණි. ඇගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංදි මාර්ග පවසයි.
පළමු සැකකරු මනෝජ් කුමාර්ගේ අත්අඩංගුවට ගැනීමට නවදිල්ලි පොලිසිය කටයුතු කළේ ඉකුත් 17 වැනිදාය.
දැරිය පැහැර ගෙන ගොස් දූෂණයට ලක් කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමින් පසුගිය දින කිහිපය පුරාවට නවදිල්ලි අගනුවර දැවැන්ත විරෝධතා රැලි පැවැත්විණි.
විරෝධතාකරුවෝ යළිත් වරක් ඉන්දීය රජයට චෝදනා කරන්න වූයේ ඉන්දිය කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට රජය අපොහොසත් කියාය. විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගත්හ.



අදහස් (0)

නවදිල්ලි දැරියට අතවර කළ දෙවැනි සැකකරු අත්අඩංගුවට

සෙනරත්-බහරේන් Thursday, 25 April 2013 10:10 PM

නමුත් දැන් දැන් අපේ රටේ අපචාර වැඩිවෙන බව පේනවා. මේවා වළක්වන්න දැන්ම ක්‍රියා නොකලොත් රටට ලොකු විනාසයක් වීම නවත්වන්න බැරි වෙනවා.(නදී)

:       0       0

මාලක Wednesday, 24 April 2013 10:04 AM

අපේ තත්ත්වය මිට හපන් ඇති.මොකෝ පොලිසියට ඔක්කොම වාර්තා වෙන්නේ නැහැනේ.වාර්තා වුණත් ඒවාට ගැටුම් ඇති කර ගන්නේ නැහැ.හැබැයි පල්ලියක් එහෙම කොහේ හරි හැදුවා කිවුවොත් මරාගන්න යයි. (නි)

:       0       0

බණ්ඩාර කුවෛට් Wednesday, 24 April 2013 03:32 PM

අපරටේ නීතියට වඩා ඉන්දියාවේ නීතිය ඉදිරියෙන් කියා මට සිතෙනවා. සරුව ලියනගේලා, ධර්මසිරිලා නිදහස් වෙන කාලයක නැවත මොන කතාද ?(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 11:12 AM

මුතු ඔයාගේ අදහස් වලට මම එකගයි. මම ඉන්නේ කටාර් වල. අපේ රට අනෙකුත් දකුණු ආසියාතික රටවල් එක්ක සංසන්දනය කිරීමේදී අපි ඉන්නේ ඉතාමත් සතුටුදායක ස්ථානයක. අධ්‍යාපනය, ගති පැවතුම්, හැසිරීම්මේ සියල්ලෙන්ම අපි ඉන්නේ ඉදිරියෙන්.අවංකව මම කියන්නේ ලංකාවේ ඉපදීමට ලැබීම පිළිබද අපි ආඩම්බර විය හැක (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 25 April 2013 11:47 AM

විශිෂ්ට කියමනක්...අපි කවදාවත් අපේ රට ගැන පහත් විදිහට හිතන එක හොද නැ නේ ...ගෆුර් ඔබ ඉතා විශිෂ්ටයි.(නදී)

:       0       0

මුතු Wednesday, 24 April 2013 05:41 PM

අපේ රට ගැන එතරම් පහත විදියට හිතන්න එපා බණ්ඩාර සහෝදරයා. අනුන්ගේ රටවල අයිතිවාසිකම් රකින්න ඇමෙරිකාවට උල්පන්දම් දෙන ඉන්දියාවට උන්ගේ රටේ පොඩි එකෙක්වත් රැක ගන්න බැරිවෙලා. අද අනුන්ගේ ඇහේ පොල්කෙන්ද ගන්න කලින් තමන්ගේ ඇහේ පොල්පරාලයක් තියෙනබව අමතක වෙලා.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 25 April 2013 12:52 PM

ධනුෂ්ක, බොහොම ස්තුතියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site