IMG-LOGO

නවදිල්ලියේ වායු දුෂණය ඉහළ යාමෙන් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර ස්වාභාවික වායු දුෂණය ඉහළ ගොස් ඇති බව  පරිසරවේදීහු පෙන්වා දෙති.

මේ වන විට  නව දිල්ලියේ වායු දුෂණය  දුම්වැටි 20 කින් නිකුත් වන  දුමාරයකින් වන හානියට  සමාන වන බවද පරීසරවේදීහු  පවසති.

කාර්මීකරණය හා රථ වාහනවලින් පිටවන දුම් මීට  ප්‍රධාන හේතුව වී ඇති බව ඔවුහු කියති. 

මෙම තත්ත්වය හේතුවෙන්  පෙනහළු පිළිකා වැළදීමේ අවදානමක්ද ඇතැයි   එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

වායුගෝලයේ විශාල වශයෙන්  ලෝහ සහ පිළිකා  කාරක  ඇති බවට ලෝක සෞඛ්‍ය   සංවිධානය  සඳහන් කරන අතර   පසුගිය සතියේ  දිනෙක  හුස්ම ගැනීමේ අපහසුතාව  ඇති වු රෝගීන්  12 ක්  වාර්තා වී  ඇති බවද   පවසයි.  

මේ හේතුවෙන් රෝහල්ගත වන්නන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් ඇතැයිද  සෞඛ්‍ය අංශ පවසයි.

කුඩා දරුවන්  හා වැඩිහිටියන් වැඩි ප්‍රමාණයක්  පරිසරයට නිරාවණය වීමෙන්   ශ්වසන පද්ධතියේ සහ අස්ථි පද්ධතියේ  බාධා,  ඇඳුම වැනී රෝගී තත්ත්වයන්ට ගොදුරු වී ඇති බවත් ඔවුහු පවසති.

දිල්ලි නගරයේ  වායු දුෂණය  ඉතාමත් අවධානම්  ලෙස ඉහළ යාම ඇරැඹි ඇති හෙයින්     පාසල්  6,000 කට අධික සංඛ්‍යාවක් මේ හේතුවෙන්  වසා දමා ඇති බවත්  අර්බුදය විසඳීම සඳහා රථවාහන තදබදය  අවම කිරීමටද  පියවර ගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

පරිසර ඇමැති  හර්ෂ් වර්දාන් ප්‍රකාශ කරනුයේ  අගමැති නරේන්ද්‍ර මෝදී  මහතා මෙම අභියෝගාත්මක මෙම ගැටළුව පිළිබඳව  තවමත් නිසි පියවර ගෙන නැති බවත්  බයවෙන්නට කිසිදු කාණාවක් නොමැති බවත්  වායු දුෂණයෙන්  කුඩා දරුවන්  ඇතුළු  පිරිස ආරක්ෂා කර ගැනීමට පුර්ණ ලෙස රජය ක්‍රියා කරන බවයි.

(36698)



අදහස් (0)

නවදිල්ලියේ වායු දුෂණය ඉහළ යාමෙන් පෙනහළු පිළිකා ඇතිවීමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1793 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 576 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site