IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නවදිල්ලියේ බෞද්ධ මධ්‍යස්ථානයක්

අන්තර්ජාතික මට්ටමේ බෞද්ධ මධ්‍යස්ථානයක් ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඉදිකිරීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි සැරසේ.

මෝදි මේ පියවර ගෙන ඇත්තේ සිය චීන චාරිකාවෙන් පසුවය. ක්‍රි.ව.645 දී ඉන්දියාවේ චාරිකා කළ හු එන් සාන් චීන භික්ෂූන්වහන්සේ අනුස්මරණය සඳහා චීනයේ ඉදිකර ඇති දාගැබ දැකීමෙන් පසුව මෝදිට මෙම අදහස එන්නට ඇතැයි මොංගෝලියාවේ, ශ්‍රී ලංකාවේ හා ජපානයේ චාරිකාවලදීත් අගනගරවල බෞද්ධ මධ්‍යස්ථාන දුටු මෝදි එවැනි ස්ථානයක් නවදිල්ලියේ නොමැති වීම ගැන ස්වදේශ හා සංස්කෘතික ඇමැතිවරුන් සමගද සාකච්ඡා කර ඇත.

අන්තර්ජාතික මට්ටමේ පර්යේෂණ කිරීම සඳහාද නවදිල්ලියට එන බෞද්ධයන්ට වැඳුම් පිඳුම් කිරීමටද බෞද්ධ මධ්‍යස්ථානයක් පිහිටවිය යුතු බව එම ඇමැතිවරුන් දෙදෙනාද කියා ඇත.

මෝදිගේ විදේශ ප්‍රතිපත්තිය වනුයේ සියලු ආගම් සමග සහජීවනයෙන් ක්‍රියා කිරීමයි. බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකරන උත්සවයක් ගිය මාසයේ මෝදිගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. තමා ගුජරාටයේ මහ ඇමැතිවී සිටියදී මහ ඇමැති කාර්යාලයේත් නිල නිවසේත් ලොකු බුද්ධ රූපයක් තැන්පත් කර තිබූ බවද මෝදි කීවේය. භාරතීය ජනතා පක්ෂයේ ප්‍රතිරූපය නංවා ගැනීමටද ආගමික සහජීවනයටද මෙය උපකාරී වෙතියි කියති.

 

 

 

 

 



අදහස් (0)

නවදිල්ලියේ බෞද්ධ මධ්‍යස්ථානයක්

සෙනරත් Friday, 22 May 2015 02:56 PM

මේ දවස් වල ලංකාවේ එහෙම බොදු මධ්‍යස්ථානයකට වැඩිපුර මුදල් වියදම් කරන්න අපි බයයි. හේතුව, රටේ මුදල් නාස්ති කරනවා කියා අත් අඩංගුවට ගන්න බලාගෙන ඉන්නවා. (හේ)

:       0       0

ඉන්දික Friday, 22 May 2015 05:04 PM

සෙනරත් වලිගය පාගාගෙන වගෙයි (නි)

:       0       0

තමීර Friday, 22 May 2015 10:37 AM

බෞද්ධයෙක් වශයෙන් මම ඉතා ආඩම්බර වෙමි .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site