IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පහක් මරුට: 25කට තුවාල

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි පැරණි ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර විසිපස් දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ පිරිසගේ තත්ත්වය බරපතල බව වාර්තාවෙයි. තවත් 20 දෙනෙකු පමණ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී සිටීදැයි සෙවීමට සහන කණ්ඩායම් යුහුසුලූ වෙමින් සිටිති. කඩා වැටුණ ගොඩනැගිල්ලට යාව ඇති ගොඩනැගිල්ලේ සිටි පිරිස් ඉවත් කර ඇතැයි පොලිසිය කියයි. ගිනි නිවන හමුදා භට පිරිස්ද නවදිල්ලියේ චන්දි ඩෝර්ක් ප‍්‍රදේශයේ පිහිටා ඇති පැරණි ගොඩනැගිල්ල දෙසට පැමිණි බව රොයිටර් ඡුායාරූප ශිල්පියෙක් පැවසීය. කුපිත වූ පිරිසක්, තුවාලකරුවන් ප‍්‍රතිකාර ලබන පිරිස් බැලීමට රෝහලට පැමිණි ඉන්දියාවේ විදුලි සංදේශ ඇමැති කපිල් සිඩාල්ගේ රිය පෙළ හරස්කර විරෝධය දැක්වූහ. මෙම ගොඩනැගිල්ල කඩා වැටුනේ යාබද ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු නිසා මතුවූ පීඩනය නිසා යැයි එන්.ඞී. රූපවාහිනිය කියා සිටී. අනුමැතියකින්     තොරව, ගොඩනැගිලි කොන්ත‍්‍රාත්කරුවන් ගොඩනැගිලිවල තට්ටු වැඩි කිරීමට යාම නිසා ඉන්දියාවේ මෙවැනි සිද්ධීන් බහුල වී තිබේ.  



අදහස් (0)

නවදිල්ලියේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පහක් මරුට: 25කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 728 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 892 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site