IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


‘නෝරු’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

‘නෝරු’ සුළි කුණාටුව, උතුරුදිග පිලිපීනය හරහා හමා ගියේය. සුළි කුණාටුවට හසුවීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වුණු බවත්, එම පස් දෙනා විපතට පත්වූවන්ගේ පිහිටට ගිය ජීවිත ආරක්ෂක නිලධාරීන් බවත් පිලිපීන රජය පවසයි.

තද සුළං ද සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන් පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බවත් පළාත් රැසකය විදුලි බලය අහිමි වී ඇති බවත් පිලිපීන මාධ්‍ය වාර්තා කර තිබේ.

පිලිපීන කාලගුණ විද්‍යාඥයන්ට අනුව ‘නෝරු’ සුළි කුණාටුව, පිලිපීනයට කඩා වැදුණේ පැයට කිලෝ මීටර් 185 ක වේගයකිනි. නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති අතර ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් මාර්ග රැසක් අවහිර වී ඇතැයි ද පැවැසෙයි.

සුළි කුණාටුවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ ක්වෙසොන් ප්‍රාන්තයේ බුරේඩෝස් නගරයටය. සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යාඥයන් කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ අනාරක්ෂිත ප්‍රදේශවල සිටි දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.

පිලිපීනයේ මැනිලා අගනුවර ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී ඇති අතර 3,000 ක පිරිසකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (1)

‘නෝරු’ සුළි කුණාටුව පිලිපීනයට කඩා වදී

chandima Monday, 26 September 2022 08:01 PM

අපේ ජනාධිපතිත් යනයන රටට වෙන්නේ විපත්තියක්මනේ..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 475 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site