පාකිස්තානයේ, කරච්චි නුවර සත්වෝද්‍යානයේ සිටි නූර් ජහාන් නමැති අප්‍රිකානු ඇතින්න මියගිය බව, එම ඇතින්නට පසුගිය දින කීපය පුරා ප්‍රතිකාර ලබා දුන් 'ෆෝ පෝව්ස්' නමැති සත්ව සුභසාධන පුණ්යායතනය පවසයි.
නූර් ජහාන් බරපතල ලෙස තුවාල ලබා රෝගී වූයේ සත්වෝද්‍යානයේ පොකුණකට ඇද වැටීමෙනි.
ඉන්පසු ඇතින්නට ඇවිද ගැනීමට හෝ කෙළින් වීමට හෝ අමාරු විය. ඇයට ප්‍රතිකාර කිරීමට පාකිස්තාන රජය කඩිනමින් පියවර ගත් අතර, 'ෆෝ පෝව්ස්' ආයතනයේ සහාය නොඅඩුව ලැබුණි.
'අප සෑම උත්සාහයක්ම ගත්තා ඇතින්න බේරා ගන්න. ඒත් සිදුවුණු අනතුරින් පස්සේ ඇයට නැගිට ගන්න බැරිවුණා. ඇය දිගටම වැතිරිලයි හිටියේ.' යැයි 'ෆෝ පෝව්ස්' ආයතනය පවසා ඇත.
මෙම ඇතින්න පාකිස්තානයේ කරච්චි සත්වෝද්‍යානයට රැගෙන විත් ඇත්තේ ටැන්සානියාවෙනි. ඒ මීට දශකයකට පමණ පෙරය.
(සී.එන්.එන්.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නූර් ජහාන් ඇතින්න මියයයි