IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘‘නෝර්වේ රාජ්‍යයට දරුවෝ ඕනේ‘‘ - නෝර්වේ අගමැතිනි

නෝර්වේ රාජ්‍යයට දරුවෝ ඕනේ. ගොඩක් ඕනේ. ඒක කරන්නේ කොහොමද කියලා මම කාටවත් කියන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ” නෝර්වේ අගමැතිනිය ඉකුත්දා සිනහා මුසු මුහුණින් පැවැසූවාය. 

එහෙත් ඇය සඳහන් කළ කරුණ සුළුවෙන් තැකිය හැක්කක් නොවේ. 

නෝර්ඩික් කලාපය එසේත් නැතිනම් නෝර්වේ ඇතුළු එම රටවල්වල දරු උපත් සංඛ්‍යාව පහත වැටී තිබේ. 

නෝර්ඩික් කලාපයේ රටවල් ලෙස හැඳින්වෙන නෝර්වේ සහ ඒ ආශ්‍රිත රටවල දරු උපත් සංඛ්‍යාව පසුගිය වසරවලදී ඉහළ අනුපාත පෙන්නුම් කළ කලාපයක් වුවත් මේ වනවිට මෙම පැරැණි මහද්වීපයේ වයස්ගත ජනගහනය වැඩි වෙමින් තිබේ. 

මෙම රටවල දරු උපත් සංඛ්‍යාව අඩු වීමත් සමඟ වයස්ගත ජනගහනය වැඩි වී තිබේ. එම නිසා එම රටවල පවතින බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වෙන සුබසාධන රාජ්‍ය ක්‍රමය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇත. එනයින් බලන කළ සුබසාධන රාජ්‍ය ක්‍රමයක් පවත්වාගත් මෙම රටවල් අලුත් ප්‍රශ්නයකට මුහුණ දී සිටී. 

“ඉදිරි වසරවලදී මේ ක්‍රමය නිසා අපිට ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවේවි” සිය අලුත් අවුරුදු කතාවේදී නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් අනතුරු ඇඟවූවාය. 

“ඉතා සුළු තරුණ පිරිසකට සුබසාධන රාජ්‍යයේ අධික බර දැරීමට සිදුවේවි” යැයි ඇය සඳහන් කළාය.

2017 වසරේදී නෝර්වේ, ෆින්ලන්තය සහ අයිස්ලන්තය යන රටවල උපත් අනුපාත ඉතිහාස ලෙස පහළ ගියේය. එක් කාන්තාවකට උපන් දරුවන්ගේ සංඛ්‍යාව 1.49 ත් 1.71ක් අගයක් ගත්තේය. එහෙත් ඊට පෙර එම අගය 2.1 තරම් ඉහළ වූ අතර ජනගහනයේ ස්ථාවරත්වය පවත්වාගෙන යෑමට එය බෙහෙවින් උපකාරි විය. 

2008 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදයෙන් පසු සෑම නෝඩික් එසේත් නැතිනම් ස්කැන්ඩිනේවියානු රටකම උපත් අනුපාතය පහත වැටුණු බව ඔස්ලෝ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාඥයකු වන ටෲඬේ ලොපගාඞ් පැවැසීය. 

“අර්බුදය අවසන් එහෙත් තවත් කඩා වැටෙනවා” හෙතෙම කීය. 

“නෝඩික් රටවල ජන විකාශනය අපට කරුණු දෙකක් අනාවරණය කරනවා. අද වනවිට දරුවන් කිහිපදෙනකු සිටින විශාල පවුල් තිබෙන්නේ කිහිපයක් පමණක් යන්න ඉන් එක් කරුණක්. අනෙක් කරුණ නම් කාන්තාවන් තම පළමු දරුවා ලබන්නට දීර්ඝ කාලයක් බලා සිටිනවා යන්නයි” ඔහු කීවේය. 

මේ ත්ත්වය එක් හේතුවක් නොමැති එක් කරුණකින් පමණක් විස්තර කළ නොහැක. මූල්‍ය අස්ථාවරත්වය, ගෘහ ඒකකවල වියදම් ඉහළ යෑම ඊට ප්‍රධාන හේතු දෙකක් ලෙස පෙන්වා දිය හැක. 

මේ අනුව දීර්ඝ කාලයේදී වැඩ කරන වයසේ ජනතාව අඩු වන අතර ඒ නිසා බදු ගෙවන පිරිස ද ක්‍රමයෙන් අඩු වේ. මෙම රටවල් පවත්වාගෙන යන සුබසාධන රාජ්‍ය ක්‍රමයට අරමුදල් සපයන්නේ ඒ රටවල සිටින බදු ගෙවන ජනතාවය. මේ අනුව බලන කල බදු ගෙවන ජනතාව ක්‍රමයෙන් අඩුවීම නිසා සුබසාධන රාජ්‍ය ක්‍රමය තර්ජනයට ලක්ව තිබේ. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055

 



අදහස් (3)

‘‘නෝර්වේ රාජ්‍යයට දරුවෝ ඕනේ‘‘ - නෝර්වේ අගමැතිනි

Bamunuarachchi Friday, 18 January 2019 01:59 AM

වැඩිපුර හැදුවාම ස්වර්ගයට යනවා කියා හිතන කට්ටියට මේක හොඳ ප්‍රවෘත්තියක්...

:       0       6

NuwanFriday, 18 January 2019 09:23 AM

ඔව් කියල වැඩක් නැහැ. මේ රටවල මිනිස්සුන්ගේ මොළ ගැන... මේ රටවල ගුවන් යානෙන් යන්න ගියාම රටේ නැති ලිපිගොනු, හේතු අහනවා. නමුත් බෝට්ටුවෙන් ගියහම ඔක්කොම දීලා අන්තිමට පාරවල් දිගේ ඒ බෝට්ටුවලින් ආපු මිනිස්සුම බෝම්බ තියලා රටේ මිනිස්සුන්ව මරනවා...

:       0       6

SanukaFriday, 18 January 2019 10:59 AM

ඔය වැඩිපුර හැදුවම ස්වර්ගෙට යනවය් කියන කට්ටිය බෝ වෙලා 10% වගේ වුණාම තමා නෝර්වේ කාරයට දෙයියෝ සිහි වෙන්නේ. නෝර්වේ විතරක් නෙමේ ස්වීඩන්, බෙල්ජියම්, එංගලන්තේ, ජර්මනි, ඔස්ට්‍රියා, නෙදර්ලන්තය,. ඔය රටවල් ඔක්කොම තව අවුරුදු 10ක් අරාබි කොලනි වෙනවා. යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වෙන්නෙත් ඔය මෝඩ නීතිවල හිල් අස්සෙන් අරාබියෙන් එන මිනිස්සු නිසා. මම ඉන්නෙත් ඔය රටවල් වලින් එකක.. එ් නිසා හොදින් දන්නවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 779 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site