අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ නිරෝගී දරුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අත්‍යාවශ්‍ය නොවන බව, මහා බ්‍රිතාන්‍යයේ එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.
එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුවට යනු මහා බ්‍රිතාන්‍යයේ එන්නත් පිළිබඳ රජයේ ස්වාධීන උපදේශක මණ්ඩලයයි. විශේෂඥ වෛද්‍යවරුන් මේ බව පෙන්වා දී ඇත්තේ, මේ වනවිට රටවල් බොහොමයක් අවුරුදු 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට එන්නත් ලබා දීම ආරම්භ කර ඇති බැවිනි.
''අවුරුදු 16 ට වැඩි සියලු දෙනා එන්නත් කිරීම කළ යුතුයි. අනිවාර්යයි. කෙසේ නමුත් 12 ත් 15 ත් වයස් කාණ්ඩයේ නිරෝගී දරුවන් එන්නත් කිරීම අනිවාර්ය කළ යුතු නැහැ. නමුත් ප්‍රතිශක්තිය අඩු විවිධ රෝගාබාධවලින් පෙලෙන දරුවන් සිටිනවා නම්, ඔවුන්ට එන්නත් ලබා දීම කළ යුතුයි. නිරෝගී දරුවන්ට කොවිඩ් 19 බලපෑම අවමයි. සිරුරේ ප්‍රතිශක්තියෙන් ඔවුන්ට ඉක්මණින් සුවය ලැබීමට හැකියාව තිබෙනවා.'' යැයි එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව නිකුත් කළ නිර්දේශවල දැක්වෙයි.
මෙම කමිටුවට මහා බ්‍රිතාන්‍යයට අයත් එංලගන්තයෙන්, ස්කොට්ලන්තයෙන්, වේල්සයෙන් සහ උතුරු අයර්ලන්තයෙන් විශේෂඥ වෛද්‍යවරු සම්බන්ධ වී සිටිති.
(ඒ.එෆ්.පී)
2025 නොවැම්බර් මස 04
671
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිරෝගී දරුවන්ට ’කොවිඩ්’ එන්නත් ඕනෑ නෑ