කෙන්යාවේ අගනුවර වන නයිරෝබි සමිපයේ පිහිටි ජාතික වනෝද්‍යානයේ සිංහයන් කීපදෙනෙකු රාත්‍රිකාලයේදී ඉන් පිටතට පැන නගරයේ දඩාවතේ යාම හේතුවෙන් නයිරෝබි නගර වාසින්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙසේ පැනගිය සිංහ ධේනුවෙක් සහ ඇයගේ පැටවුන් දෙදෙනෙක් වනජීවි සේවකයන් විසින් නැවත අල්ලා ගෙන වනෝද්‍යානය වෙත මුදාහැර තිබේ. තවත් පැනගිය සිංහයින් දෙදෙනෙක් නැවතත් නයිරෝබි වනෝද්‍යානය වෙත සිය කැමැත්තෙන්ම ගමන් කර ඇති බවට ඔවුන් විශ්වාස කරයි.
මීට අමතරව තවත් සිංහයින් නගරයට ඇතුල්වී ඇත්දැයි තවමත් පැහැදිලි වී නොමැත.
යම් නගරවාසියෙක් මෙම සිංහයන් දුටුවහොත් නොමිලේ ලබා ගත හැකි දුරකතන මාර්ග ඔස්සේ බලධාරින් දැනුවත් කරණ ලෙස උපදෙස් නිකුත් කර තිබේ.
කෙන්යා වනජීවි සේවයේ ප්‍රකාශක පෝල් උඩොටෝ පවසා ඇත්තේ සිංහයන් ඉතාමත් භයානක සත්ව කොට්ඨාශයක් බැවින් කිසිවෙක් මෙම සතුනට මුහුණදීම හෝ අභියෝග කිරීම නොකල යුතු බවයි.
නයිරෝබි ජාතික වනෝද්‍යානයඅධික ජනගහනයෙන් යුත් කිබෙරා මුඩුක්කු ද පිහිටා ඇති නගරයේ දකුණු ප්‍රදේශයෙන් වෙන්වී ඇත්තේ ප්‍රධාන මාර්ගයෙන් වේ.
2025 නොවැම්බර් මස 04
568
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2266
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1700
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිරෝබි සත්වෝද්‍යානයේ සිංහයෝ එළියට පනිති
යෝනක Sunday, 21 February 2016 03:11 AM
අහනකොටත් බයයි (නි)