IMG-LOGO

නියමුවා ගැන සැකේ වැඩි වේ

මගීන් හා කාර්ය මණ්ඩලය ඇතුළු 239 දෙනෙකු සමග පසුගිය මාර්තු 8 වැනිදා සිට ආගිය අතක් නොමැති මලයාසියා එම්.එච්.370 අංක දරන ගුවන්යානය සම්බන්ධයෙන් සිදුකෙරෙන නවතම පරීක්ෂණ අනුව එහි ප‍්‍රධාන නියමුවා වූ සහාරි ෂා වෙත මලයාසියාවේ බළධාරීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.

මුල සිටම යානයේ ප‍්‍රධාන නියමුවා වෙත සැක එල්ලවී තිබිණි. ඔහුගේ නිවසේ තිබූ ගුවන්යානා පැදවීම පුහුණු කරවන මෙවලමක් පරීක්ෂණයින්ගේ අවධානය දිනාගැනීමට සමත්විය.

එහි ගුවන්යානා පැදවීම,ගොඩබැස්වීම ආදී ගුවන්යානා පැදවීමේ ක්ෂේත‍්‍රය හා සම්බන්ධ සියලූම දෑ අන්තර්ගත  වී තිබිණි. එම තොරතුරු වලට අනුව ඉන්දියන් සාගරයේ ඇතැම් දුෂ්කර ගුවන්යානා පථ වලට ඔහු නිරතුරුවම යානා ගොඩබස්වා ඇති බවද අනාවරණය විය.

එහි වූ ඇතැම් දත්ත ඔහු එම්.එච්.370 යානයේ පියාසැරියට පෙර මකා දැමිමට කටයුතු කර තිබුණේයැයි පැවසුණු අතර දැන් එකී දත්තයන් යළි ලබාගැනීමට පරික්ෂකයින්ට හැකිවී ඇතැයිද සඳහන් වෙයි.

ගුවන්යානයේ සිටි සියලූම දෙනාගේ පෞද්ගලික තොරතුරු වෙන් වෙන් වශයෙන් සොයාබැලීමටද පරීක්ෂකයින් කටයුතු කර ඇත.ඔවුන් සියලූදෙනා තමන්ගේ අනාගතයේ අරමුණු සම්බන්ධයෙන් කිසියම් හෝ සදහනක් කර තිබී ඇති අතර ප‍්‍රධාන නියමුවා වූ සහාරි ෂා පමණක් එවැනි කිසිවක් හෝ තමන්ගේ පෞද්ගලික තොරතුරු හෝ කිසිවක් කිසිතැනක හෝ සදහනක් කර තොතිබීමද යානයේ අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහු කෙරේ පරීක්ෂකයින්ගේ වූ සැකය තවදුරටත් තීව‍්‍ර කිරීමට සමත්ව තිබේ.

ඔහු තම බිරිද හා දරුවන්ගෙන් වෙන්වී වාසය කිරීමද,හිතමිතුර සබදතා කිසිවක් ඔහුට නොතිබීමද ඔහු කෙරේ බලධාරීන්ගේ අවධානය යොමුවීමට බලපා ඇති තවත් හේතූය.

කෙසේ වුවත් සහාරි ෂා ගුවන්යානයේ අතුරදන්වීම සම්බන්ධයෙන් කිසිසේත් වගකිව යුතු නොවන්නේයැයි පවසමින් ඔහුව ආරක්ෂා කිරීමට ඔහුගේ පවුලේ සාමාජිකයෝ එක්ව සිටිති.

එසේයැයි කියා ඔහු හා යානයේ අතුරන්වීම අතර සම්බන්ධයක් ඇතැයි යන මතය පරීක්ෂකයෝ බැහැර කර ඇති බවක් පෙනෙන්නට නැත.

සහාරි ෂා මැලේසියා විපක්ෂ නායක අන්වර් ඊබ‍්‍රාහිම්ගේ ප‍්‍රබල ආධාකරුවෙකැයි යානය අතුරුදන්වූ මුල් කාලයේම සොයාගැනීමට පරීක්ෂකයෝ සමත්වූහ.එදවස එයට වැඩි සැළකිල්ලක් නොලැබුණත් දිගින් දිගටම සිදුකෙරුණු පරීක්ෂණ කටයුතු වලින් අනාවරණයව ඇත්තේ අන්වර් ඊබ‍්‍රාහිම්ට එල්ල වුනු අපහාසයන් සම්බන්ධයෙන් සහාරි සිට ඇත්තේ දැඩි කණස්සල්ලෙන් බවයි.අවසානයේ අන්වර් සිරගත කෙරුණු අතර එම සිරගත කිරීමට පූර්වයෙන් පැවැත්වුණු නඩු විභාගයටත් සහාරි ෂා සහභාගී වි සිට ඇති බවද පරීක්ෂකයෝ දැන් පවසති.

ඔහු නඩු විභාගය අවසාන වීමට ප‍්‍රථමයෙන් පිටව ගොස් තිබෙන අතර ඒ එම්.එච් 370 යානයේ රාජකාරී ඔහුට පැවරී තිබුණු බැවින්ය.

ගුවන්ගත වීමට ප‍්‍රථමයෙන් ඔහු අන්වර් සිරගත කර ඇතැයි යන පුවත නොඅනුමානවම අසන්නට ඇතැයිද එය සහතික වශයෙන්ම ඔහුට දැඩි කම්පනයක් වන්නට ඇතැයිද පරීක්ෂකයෝ මත පළ කරති.

මේ සියල්ල එක්ව ගත්කළ ගුවන්යානයේ අතුරුදන්වීම යානයේ ප‍්‍රධාන නියමු තැනගේ කි‍්‍රයාවක් නිසා සිදුවන්නට ඇතැයි යන මතයද බැහැර කළ නොහැකි බව ඔවුහු පෙන්වා දෙති.

මෙසේයැයි කියා නතර නොවී ගුවන්යානය අතුරදන්වීමට තුඩු දිය හැකිව තිබුණු වෙනත් කරුණු සම්බන්ධයෙන්ද ඔවුහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

යානය කඩාවැටී ඇතැයි සැළකුණු මුහුදු ප‍්‍රදේශයන් කිහිපයකම මෙහෙයුම් කටයුතු සිදුකෙරුණු අතර ඒ එකකින්වත් කිසිදු ප‍්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වී තිබේ.

අලූත්ම සැළැස්ම වන්නේ මුහුදු පතුල පරීක්ෂා කිරීමට සෝනාර් පරීක්ෂාවක් සිදුකිරීම වන අතර ඉන් වර්ග සැතපුම් 21600 ක මුහුදු ප‍්‍රදේශයක් ආවරණය කෙරෙනු ඇතැයි සදහන්ය.

යානය සොයා සිදුකෙරෙන මෙහෙයුම් වලට මැලේසියාව, ඕස්ටේ‍්‍රලියාව,ඇමරිකාව,චීනය,ජපානය, බි‍්‍රතාන්‍යය,දකුණු කොරියාව හා නවසීලන්තය යන රටවල් එක්ව සිටිති.

 

 



අදහස් (0)

නියමුවා ගැන සැකේ වැඩි වේ

ඉසුරු Tuesday, 24 June 2014 10:49 AM

සතය සැගවිය නොහෙන කවර දාක හෝ සත්‍ය හෙළිවනු ඇත. කොතෙනක හෝ සාක්ෂි ඉතිරිව ඇත. (ස)

:       0       0

නානි Thursday, 26 June 2014 09:20 AM

රාවණ, ඔය මොලේ තියනවා නම් අපේ රට ඉතා දියුණුයි. (ස)

:       0       0

කුමාරි Tuesday, 24 June 2014 12:31 PM

ලෝකේ කොතරම් දියුණුයි කිව්වත් මේ දක්වාම තොරතුරක් නැති මේ ප්‍රශ්නය අභිරහසක් (ස)

:       0       0

රාවණ Wednesday, 25 June 2014 09:51 AM

කෝ මේ සාස්තර කාරයෝ ? පුවත් පත් වල පිටු පිරෙන්න දැන්වීම් පල කරනවා. දැන්වත් මිනිසුනේ තේරුම් ගන්න මේ මිනුස්සු කරන කපටි කම්. (ස)

:       0       0

රාජිත Wednesday, 25 June 2014 04:58 PM

මේකවත් හොයා ගන්න බැරිව ඉන්න අපි කොහොමද අගහරු ගැන හොයන්නේ, හේ හේ හේ (දී)

:       0       0

සචී Tuesday, 24 June 2014 01:24 PM

දැන් හොයල වැඩක් වෙන එකක් නෑ. ඇමරිකාව එක්ක එකතු වෙලා නියමුවා යානය අද්භූත තැනකට බාන්න ඇති. දැන් කල් ගත වුනා වැඩියි. යානයේ කෑලි ගලවලා ඇති. හොයා ගන්න බැරි විදියට. (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 10:32 PM

මේවා නිකන් පලු ගෙදර වලන් බිදිනවා වගේ වැඩක්. (දී)

:       0       0

ලසන්ත Tuesday, 24 June 2014 02:09 PM

මේකත් උපාලි විජයවර්ධනට උන දේම වෙයි. (ස)

:       0       0

හේමන්ත Monday, 23 June 2014 01:08 PM

යානය කොහේ හෝ සගවා ඇති. (නදී)

:       0       0

සංජය Monday, 30 June 2014 04:06 PM

මේක ලීසින් එකෙන් උස්සල වෙන්න බැරිද? (ස)

:       0       0

ඉසුරන්දි Monday, 23 June 2014 01:52 PM

දැන් ඉතින් නියමුවා ගැන සැක හිතුවයි කියල ඇති වැඩේ මොකක්ද? (නදී)

:       0       0

නිහාල් ප්‍රනාන්දු Monday, 23 June 2014 02:08 PM

මේක ලොකු අභිරහසක් (නදී)

:       0       0

දසුනි Wednesday, 25 June 2014 02:19 AM

පවු අසරණ මඟීන්.... (නි)

:       0       0

රන්ජිත් Wednesday, 25 June 2014 02:19 AM

දැන් ඉතින් නියමුවාත් නැහැනේ (නි)

:       0       0

ජයවර්ධන Monday, 23 June 2014 07:45 PM

දැන් මේකට කොච්චර කල් ගතවුණාද? (නි)

:       0       0

මොහාන් වර්ණකුලසුරිය Monday, 30 June 2014 10:42 AM

වැටත් නියරත් හැමතැනම ගොයම් කනවා (දී)

:       0       0

නිශා Thursday, 26 June 2014 01:23 PM

තවම යානය කොහෙහරි හංගගෙන ඇති (දී)

:       0       0

තේජා Monday, 23 June 2014 08:14 PM

මොනවා වුණත් මඟීන් ගැන නම් හරිම දුකයි (නි)

:       0       0

තිසර Monday, 23 June 2014 08:14 PM

ළඟදීම ඇත්ත දැනගන්න පුලුවන් වෙයි (නි)

:       0       0

රිකාස් Thursday, 26 June 2014 02:23 PM

කෝ මහලොකු තාක්ෂණය?... දෙවියන්ගේ ශක්තියට ඔක්කොම යටයි..(ස)

:       0       0

රාජා Friday, 27 June 2014 09:33 AM

යානය යම් රහසිගත, හුදකලා ගුවන් පථයකට බස්සවා, නියමුවන් බැස ඔටෝ පයිලට් ක්‍රමයෙන් ගුවන් ගත කර ඇති බවයි මගේ මතය. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1682 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site