මියන්මාර ජාතික ගුවන් සේවයට අයත් මගී යානාවක් මන්ඩලේ ගුවන් තොටුපලට ගොඩබැස්වීමට සූදානම් වූ අවස්ථාවේ ඉදිරිපස රෝද ක්‍රියාත්මක නොවුණු නමුත් යානය ආරක්ෂිතව නවත්වාගැනීමට නියමුවා සමත් වී ඇතැයි වාර්තා වේ.
ගුවන් යානයේ ඉදිරි කොටස බිම වැදී නතර වී ඇති අතර යානයේ කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.එම අවස්ථායේ යානයේ මගීන් සියයකට වැඩි පිරිසක් සිටින්නට ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.
යොන්ගොන් ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී ඇති යානය ගොඩබැස්වීමේදී ඉදිරිපස ජියරය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙම අනතුරුදායක තත්ත්වය උදාවී ඇත.
එම අවස්ථාවේ ගුවන් නියමුවා දක්ෂ ලෙස යානය මෙහෙයවමින් අනතුර මගහරවාගත් බව මියන්මාර ගුවන් සේවා නිලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නියමුවාගේ දක්ෂතාවයෙන් යානය ආරක්ෂිතව ගොඩබස්වයි
amila Tuesday, 14 May 2019 05:28 AM
හොම්බෙන් යනවා කියන්නේ මේකට
sampath Tuesday, 14 May 2019 08:45 AM
මේ රෝද දිග ඇරෙන්න තවත් යාන්ත්‍රික ලිවරයක් ක්‍රියාත්මක වුනානම් හොදයි. එහෙමත් නැත්නම් රෝද අකුල්ලන්නේ නැතිව තියාගන්න ඕනේ රබර් ටයර් නිසා එක අපහසුයි.