IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නයිජර් කුමන්ත්‍රණයට පුටින් මැදිහත් වෙයි

නයිජර් හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මාලි රටේ හමුදා නායක කර්නල් අසීමි ගොයිතා සමඟ දුරතකතනයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

තමන් නයිජර් රටේ හමුදා කුමන්ත්‍රණයට මැදිහත් වීමට සූදානම් බවත්, රටේ හටගත් අර්බුදකාරී තත්ත්වය සාමකාමීව විසඳා ගැනීමට තමන් නයිජර් හමුදා ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන බවත් රුසියන් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

බටහිර අප්‍රිකාවට අයත් නයිජර් සහ මාලි අතීතයේ ප්‍රංශයේ පටත් විජිතය. මාලි යනු නයිජර් රටේ අසල්වැසියන්ගෙන් කෙනෙකි. අද නයිජර් රටේ පමණක් නොව, මාලි රටේ ද බලය අල්ලා ගෙන සිටින්නේ හමුදාවය. මාලි රටේ අර්බුදයට ද සාමකාමී විසඳුම් අවශ්‍ය බව ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ.

ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් චෝදනා කර ඇත්තේ නයිජර් සහ මාලි රටවල හමුදා කුමන්ත්‍රණ පසුපස සිටින්නේ රුසියාව බවය. නයිජර් රටේ ඇමෙරිකන් සහ ප්‍රංශ හමුදා කඳවුරු පවතී.



අදහස් (0)

නයිජර් කුමන්ත්‍රණයට පුටින් මැදිහත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site