අල් කයිඩාව සමඟ සම්බන්ධ අල් ෂබාබ් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සෝමාලි නගරයකට නයිජීරියා ගුවන් හමුදාව ඊයේ (8) දරුණු ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් සටන්කාමීහු 68 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාරය එල්ල වූයේ අල් ෂබාබ් සටන්කාමීන්ගේ තිප්පොළක් ලෙස ද සැලකෙන ගරබහාරේ නමැති කුඩා නගරයටය. ප‍්‍රහාරය එල්ලවෙද්දී ඉන්ධන ලබා ගැනීමට සටන්කාමීහු සියයකට වැඩි පිරිසක් නගරයේ ඉන්ධනහල වෙත පැමිණ සිටියහ. ප‍්‍රහාරයෙන් පනහකට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත්, මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් කෙන්යා හමුදා ප‍්‍රධානී කර්නල් සයිරස් ඔගුනා පවසයි. කෙන්යාව සෝමාලියාවේ අසල්වැසියාය. රටේ කි‍්‍රයාත්මක අල් ෂබාබ් සටන්කාමීන් මර්දනය කිරීමට සෝමාලි රජය අපොහොසත් වී සිටියි. අල් ෂබාබ් සටන්කාමීන් කෙන්යාවට ද තර්ජනයක් වී ඇත. කෙන්යා රජය, සෝමාලි රජය සමඟ එක් වී සටන්කාමීන්ට එරෙහිව ඒකාබද්ධ හමුදා මෙහෙයුම් ආරම්භ කළේ එහෙයිනි. මේවනවිට කෙන්යා හමුදා භට පිරිස් ද සෝමාලියාවට ගොස් සිටිති.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
නයිජීරියා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් සෝමාලි සටන්කාමීහු 68 ක් මියයති