අප‍්‍රිකා රටක් වන නයිජීරියාවේ කි‍්‍රස්තියානි දේවස්ථාන ඉලක්ක කර ගනිමින් පෙරේදා (9) සවස අධි බලැති කාර් බෝම්බ දෙකක් පුපුරා ගිය අතර එයින් පුද්ගලයෝ 36 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
තුවාල ලබා රෝහල් ගත කළ ගණන 120 කි. ඒ අතරින් 35 දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් නයිජීරියා බලධාරීහු පවසති.
බෝම්බ පුපුරා ගියේ මධ්‍යම නයිජීරියාවේ හෝස් නගරයේ සහ උතුරින් පිහිටි කඩූනා නගරයේය. පාස්කු ඉරිදා දිනය වූ හෙයින් පෙරේදා කි‍්‍රස්තියානි දේවස්ථාන බැතිමතුන්ගෙන් පිරී තිබුණි.
ප‍්‍රහාරයේ වගකීම බෝහෝ හරාම් ඉස්ලාමීය සටන්කාමීන් විසින් බාර ගනු ලැබ ඇත. නයිජීරියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අවුළුවන්නෝ බෝහෝ හරාම් සටන්කාමීහුය. ඔවුන් අල් කයිඩා සංවිධානය සමඟ ද සබඳතා පවත් වන බව වාර්තා වේ.
පසුගිව වසරේ නත්තල් දා ද කඩූනා නගරයේ කි‍්‍රස්තියානි බැතිමතුන් ඉලක්ක කර ගනිමින් බෝහෝ හරාම් සටන්කාමීහු දරුණු ප‍්‍රහාරයක් එල්ල කළහ.
පාස්කු ඉරිදා ද එවැනිම ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බියක් හටගෙන තිබුණු හෙයින් කි‍්‍රස්තියානි දේවස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණු බවද වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 18
187
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නයිජීරියාවේ බෝම්බ පිපිරී 36 ක් මරුට: 120 ක් රෝහලේ