
වසර 10 කට පසු අප්‍රිකා රාජ්‍යයක් වන නයිජීරියාවට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් හටගත් ජල ගැලීම්වලින් මියගිය ගණන 600 ක් බවත් මිලියන 1.4 කට උන්හිටිතැන් අහිමි වී ඇති බවත් එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
විපතට පත්වුණු රටවැසියන්ට කඩිනමින් ආධාර අවශ්‍ය යැයි නයිජීරියානු රජය ජාත්‍යන්තරයට පවසා තිබේ. නයිජීරියානු රජය නිකුත් කළ නිවේදනයකට අනුව, එරට ප්‍රාන්ත 36 න් 27 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවය.
ජල ගැලීම් හේතුවෙන් නිවාස 82,000 ක් සහ වගාබිම් හෙක්ටයාර් 1,10,000 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇතැයි නයිජීරියානු මානුෂීය කටයුතු සම්බන්ධ අමාත්‍ය සදියා උමාර් ෆාරුක් පවසා තිබේ.
නයිජීරියාවට මහ මැසි ඇද හැලීම ආරම්භ වූයේ පසුගිය ජූනි මාසයේ සිටය. අගෝස්තු මාසය වනවිට වර්ෂාපතනයේ වැඩිවීමක් දකින්න ලැබුණු බව ජාතික හදිසි ආපදා කළමනාකරණ ඒජන්සිය පවසා තිබේ.
නයිජීරියාව මීට පෙර මේ අයුරින් මහා ගංවතුර තත්ත්වයකින් පීඩා වින්දේ 2012 වසරේදීය. එම ජල ගැලීම්වලින් මියගිය ගණන 363 කි. උන්හිටිතැන් අහිමිවුණු ගණන මිලියන 2.1 කි
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1669
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නයිජීරියාවේ ගංවතුරට 600 ක් බිලි