IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නයිගර් ජනපති ධුරයෙන් නෙරපයි: හමුදාව බලය අල්ලයි

නයිගර් ජනාධිපති මොහොමද් බසූම් බලයෙන් පහ කළ බව, එරට හමුදාව පවසයි. නයිගර් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් සහ තවත් ඉහළ පෙළේ හමුදා නිලධාරීන් පිරිසක් මෙසේ පැවැසුවේ, එරට රාජ්‍ය රූපවාහිනියට ගොස් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

රටේ ආරක්ෂාව පිරිහෙමින් පවතින බැවින්, පවතින පාලනය අවසන් කිරීමට තමන් පියවර ගත්තේ යැයි හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

හමුදා කුමන්ත්‍රණය ආරම්භ වූයේ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් ජනාධිපති මොහොමද් බසූම් සහ මැති ඇමැතිවරුන් නිවාස අඩස්සියට ගැනීමෙන් පසුවය. ජනාධිපති ආරක්ෂක අංශයේ සහාය හමුදාවට හිමිවුණු බව පැවැසෙයි.

තමන් කුමන්ත්‍රණය කර බලය අල්ලා ගත්තේ කිසිදු ලේ වැගිරීමකින් තොරව බවත්, බටහිර රටවල් මෙම කුමන්ත්‍රණයට මැදිහත් වීමෙන් වැලැකී සිටින ලෙසත් හමුදා ප්‍රධානී අමෝදු ඇද්‍රමේන් පවසා තිබේ.

නයිගර් යනු බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. ඊසාන දෙසින් ලිබියාවට, නැගෙනහිරින් චැඞ් රාජ්‍යයට, දකුණු දෙසින් නයිජීරියාවට, බටහිරින් මාලි රාජ්‍යයට, නිරිත දෙසින් බෙනින් සහ බුර්කිනා ෆාසෝ යන රාජ්‍යවලට ද මැදිව නයිගර් පිහිටා ඇත. නයිගර් රාජ්‍යයේ අගනුවර නියාමේය.

එරට ජනගහනය මිලියන 25 කි. නයිගර් රාජ්‍යය අතීතයේ ප්‍රංශ යටත් විජිතයක් විය. නයිගර් රාජ්‍යයේ නිල භාෂාව ප්‍රංශය.



අදහස් (0)

නයිගර් ජනපති ධුරයෙන් නෙරපයි: හමුදාව බලය අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site