අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.
2015 වසරේ සිට හේග් ගෙනිගොබ්, නැමීබියාවේ ජනාධිපති ධුරය හොබවන්න විය. ඔහු පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි බව රට වැසියන් දැනගත්තේ පසුගියා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ අවස්ථාවේදී බව ද පැවැසෙයි.
දකුණු අප්‍රිකා කලාපයට අයත් රාජ්‍යයක් වන නැමීබියාව, දියමන්ති සහ විද්‍යුත් මෝටර් රථවල බැටරියට යොදා ගන්නා ලිතියම්වලට ප්‍රසිද්ධය.
ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් මෙම වසර අවසානයේ පැවැත්වීමට නියමිත අතර, එතෙක්, උප ජනාධිපති නැන්ගෝලෝ බුම්බා ජනාපධිති ධුරයේ කටයුතු කරන බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නැමීබියා ජනාධිපති පිළිකාවකින් මියයයි
Nifal Sunday, 04 February 2024 11:26 PM
රනිල් කාලකන්නියා කවද්ද මැරෙන්නේ ?