IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට

දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.

මනෝ ස්වභාවයන් සියුම් ලෙස හඳුනා ගනිමින් සිය ගද්‍ය නිර්මාණ හරහා ඒවා ඉදිරිපත් කිරීම සාර්ථකව කළේ යැයි නොටෙබල් කමිටුවේ ඇගයීමට හැන් කන්ග් පාත්‍ර වී ඇත.

නොබෙල් රන් පදක්කමට අමතරව, හැන් කන්ග්ට තෑගි වශයෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 9 ක මුදලනක් ද හිමිවෙයි.

හැන් කන්ග් උපත ලැබුවේ 1970 දී දකුණු කොරියාවේ ග්වංජු හි ය.

ඇගේ පියා කීර්තිමත් නවකතාකරුවෙකි. 1993 දී Munhak-gwa-sahoe (සාහිත්‍යය සහ සමාජය) සගරාව හරහා, Winter in Seoul ඇතුළු කාව්‍ය පහක් ඉදිරිපත් කර, හැන් කන්ග් කිවිඳියක ලෙස සිය පළමු සාහිත්‍ය ජීවිතය ආරම්භ කළාය. හැන් කන්ග් සිය පළමු කෙටිකතා සංග්‍රහයඉ 1995 දී ප්‍රකාශයට පත් කළාය.



අදහස් (0)

නොබෙල් සාහිත්‍ය සම්මානය කොරියන් කිවිඳියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site