මෙවර නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට හිමි වන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය.
දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව යුරෝපා කලාපයේ රටවල සාමය වෙනුවෙන් ඉටු කරන ලද මෙහෙය අගැයීමට ලක් කරනු පිණිස යුරෝපා සංගමයට මෙලෙස නොබෙල් ත්‍යාගය හිමිවී තිබේ.
දශක හයක් තිස්සේ යුරෝපා කලාපයේ සාමය, සංහිඳියාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවත්වාගෙන යාම සඳහා දක්වන ලද දායකත්වය වෙනුවෙන් යුරෝපා සංගමයට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීමට තමන් තීරණය කළ බව නොබෙල් කමිටු සභාපති තෝබ්ජෝන් ජැග්ලන්ඞ් පැවැසීය.
යුරෝපා සංගමය මේ වන විට දරුණු ආර්ථික අවපාතයකට මුහුණපා සිටී. මේ අතරින් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනේ යුරෝපයේ දකුණු කලාපයේ පිහිටි ගී‍්‍රසිය වැනි රටවල්ය. මේ රටවල ආර්ථිකයන් ගොඩගැනීමට ජර්මනිය ප‍්‍රමුඛ ධනවත් උතුරු යුරෝපීය රටවල් ඉදිරිපත්ව සිටී.
ජාතීන් 27කින් සැදුම්ලත් යුරෝපා සංගමය ලැබූ මෙම ගෞරවය සම්බන්ධයෙන් තමා සතුටට පත්වන බව යුරෝපා පාර්ලිමේන්තු ප‍්‍රධානී මාටින් ෂූස් සඳහන් කළේය.
යුරෝපා කලාපයේ දේශපාලන සහ ආර්ථික ඒකාබද්ධතාව උදෙසා අස්සන් කෙරුණු මාස්ටි‍්‍රච් ගිවිසුම පදනම් කරගෙන 1993 නොවැම්බර් මස 1 වැනිදා යුරෝපා සංගමය පිහිටුවනු ලැබිණි.
2025 ඔක්තෝබර් මස 08
1828
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1480
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට
අසිත Monday, 15 October 2012 06:17 PM
යුරෝපය යුරෝපයටම තෑගි දීලාද? (නි)
සුභාෂිණි Tuesday, 16 October 2012 10:52 AM
මේක හරියට තව තවත් ආයුධ නිපදවන්න දීපු බලපත්‍රයක් වගෙයිනේ (නි)
පාලිත වීරතුංග Monday, 15 October 2012 10:39 PM
i ඒරොපේ සංගමයට දෙන්න ඕනේ සාම ත්‍යාගය නොවෙයි ජාතීන් අසමගි ත්‍යාගයයි. (අ)
තුවාන් Monday, 15 October 2012 11:09 PM
මම කියන්නේ ඕක දෙන්න ඕන අපේ විපක්ෂ නායක තුමාට (ස)
ජනක Monday, 15 October 2012 03:19 PM
නොබෙල් සාම ත්‍යාගය වෙන්න බැහැ. නොබෙල් යුද්ධ ත්‍යාගය වෙන්න ඕනෑ. මට හිතෙන්නේ එහෙමයි. (නි)