දුර්ලභ වයිරස ආසාදනයකින් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෙම වයිරසය ‘නීපා’ යැයි හඳුනාගෙන ඇත.
පළමු ‘නීපා’ මරණය වාර්තා වූයේ පසුගිය අගෝස්තුවේය. දෙවැනි මරණය වාර්තා වූයේ මීට දින කිහිපයකට පෙර ය.
මියගිය දෙදෙනා එකම පවුලේ සාමාජිකයන් යැයි හඳුනාගෙන තිබේ. දෙදෙනාගේම ජෛව සාම්පල පරීක්ෂණ සඳහා යොමු කෙරුණු බව ද පැවැසෙයි.
‘නීපා’ වයිරසය මොළයේ සෛල විනාශ කරයි. වයිරසය මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්ත වන්නේ ශ්‍රාව ස්පර්ශයෙනි.
ආසාදිත ඌරන් සහ වවුලන් මඟින් ද වයිරසය මනුෂ්‍යයන්ට ව්‍යාප්ත වන බව හඳුනාගෙන ඇත.‘නීපා’ වයිරසය සඳහා ප්‍රතිකර්මයක් සොයාගෙන නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘නීපා’ වයිරසය කේරළයේ පැතිරේ