
‘එම්.සී.සී’ හෙවත් ‘සහස්‍ර අභියෝගතා ගිවිසුම’ හරහා ඇමෙරිකා රජයෙන් නේපාලයට හිමිවන ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක මුදල් ආධාර ප්‍රතික්ෂේප කරමින්, නේපාල වැසියෝ විරෝධතා පවත්වති.
විරෝධතා පැවැත්වෙන්නේ, ‘එම්.සී.සී’ ගිවිසුම හරහා නේපාලයට ඇමෙරිකාවෙන් මුදල් හිමිවීම, නේපාලයේ ස්වෛරීත්වයට විශාල තර්ජනයක් බව පෙන්වා දෙමිනි. විරෝධතා සංවිධානය කර ඇත්තේ චීන හිතවාදී නේපාල මාඕවාදී දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන එක්වෙමිනි.
ඊයේ (19) කත්මණ්ඩු අගනුවර පැවැත්වුණු විරෝධතා ප්‍රචණ්ඩකාරී විය. ඒ විරෝධතාකරුවන් පාලනයට පොලිසිය යෙදවුණු අවස්ථාවේදීය. විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර එල්ල කළේය. විරෝධතාකරුවෝ රජයේ ගොඩනැගිලිවලට පහර දෙමින් ටයර් ගිනි තබන්න වූහ.
ඇමෙරිකාව පවසන ආකාරයට ‘එම්.සී.සී’ ගිවිසුම හරහා නේපාල රජයට ලබා දෙන්නේ මුදල් ත්‍යාගයකි. ඒ, නේපාල වැසියන්ගේ යටිතල පහසුකම් දියුණු කිරීමටය.
නේපාලයේ මාර්ග ඉදිකිරීම, සංවර්ධනය, විදුලිබල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එම මුදල් යෙදවෙයි. ඇමෙරිකාව සහ නේපාල රජය අතරේ ‘එම්.සී.සී’ ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ 2017 වසරේදීය. ඒ දෙරට අතර මිත්‍රත්වය තව තවත් වර්ධනය කර ගනිමිනි.
නේපාල රජය විරෝධතාකරුවන්ට පැහැදිලි කර ඇත්තේ ඇමෙරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500 ක මුදල, ඇමෙරිකාවෙන් ලැබෙන ත්‍යාගයක් පමණක් බවත්, එම මුදල යළි ඇමෙරිකාවට ලබා දීමට අවශ්‍ය නොවන බවය. කෙසේ නමුත් විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ නේපාල සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ඇමෙරිකාව එම මුදල් ලබා දෙන්නේ යටි අරමුණකින් බවත් එය නේපාලයේ ස්වෛරීත්වයට බරපතල තර්ජනයක් බවත්ය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේපාල වැසියෝ වීදි බසිති