පැය 24 කට වසා දැමුණු නේපාලයේ කත්මණ්ඩු අගනුවර ත්‍රිභුවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඊයේ (10) රාත්‍රියේ යළි විවෘත කෙරුණි.
රටේ හටගත් නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපෙළ යළි විවෘත කළ බවත්, ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදු කිරීමට අපේක්ෂා කරන බවත් නේපාල සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.
ත්‍රිභුවන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ යළි විවෘත කිරීමට තීරණය කරනු ලැබුවේ ගුවන්තොටුපළ ආරක්ෂක කමිටුව විසිනි.
ගුවන්තොටුපොළ කටයුතු යළි ආරම්භ වීමත් සමඟ, ගුවන්තොටුපොළ බලධාරීන්, ගුවන් මගීන්ට උපදෙස් දී ඇත්තේ නිල ගුවන් ටිකට්පත්, හැඳුනුම්පත් ආදිය රැගෙන කල්වේලා ඇතිව ගුවන්තොටුපොළට පැමිණෙන ලෙසය.
නේපාලයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වූයේ සමාජ මාධය තහනම මුල් කර ගනිමින් එරට තරුණ කොටස් රජයට එරෙහිව ආරම්භ කළ විරෝධතා හේතුවෙනි. මේ වනවිට එම විරෝධතා රජයේ දූෂණ විරෝධී විරෝධතා බවට පරිවර්තනය වී ඇත.
මේ වනවිට නේපාලය අරාජික තත්ත්වයකට ඇද වැටී ඇති බැවින්, හමුදාව මැදිහත් වී රට පුරා ඇඳිරි නීතිය පනවා ඇත. ඒ, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන ඇතැම් විරෝධතාකරුවන් මර්දනය කිරීමේ අරමුණින්ය.
නේපාල මාධ්‍ය ඊයේ (10) රාත්‍රියේ වාර්තා කළේ මේවනවිට කත්මණ්ඩු අගනුවර ප්‍රචණ්ඩ ක්‍රියාවල අඩුවක් දකින්න ලැබෙන බවය.
කලහකාරී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර පසුගිය දිනවල පැවැති ගැටුම්වලින් විරෝධතාකරුවෝ 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 300 කට වැඩි යැයි පැවැසෙයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නේපාල ගුවන්තොට යළි ඇරේ