IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නේපාලේ අධ්‍යාපනය අනතුරේ

කඩිනමින් විසඳුම් නොලැබෙන්නේ නම් නේපාලයේ ලක්ෂ 10ක පමණ පාසල් දරුවන් පිරිසකට තම පාසල්වලට යාමට නොහැකිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා හා අධ්‍යාපනික අරමුදල (යුනිසෙෆ්) පවසයි.

භූමිකම්පාව සිදුවූ ආසන්නයේ පිහිටි පාසල් 10න් නමයක් ම මුළුමනින් ම විනාශ වී ඇතැයි ද එම අරමුදල පවසයි. කෙසේ වෙතත් තාවකාලිකව වුව ද අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි යුනිසෙෆ් සංවිධානය අවධානය යොමුකැර ඇත.

දැනට නේපාලයේ සියළුම පාසැල් වසා දමා ඇති අතර බෝහොමයක් පාසැල් අවතැන්වුවන් සඳහා කඳවුරු පවත්වා ගෙන යති. පාසල් රැසක් මැයි මස 15 දා විවෘත කිරීමට උත්සාහ ගන්නා බව බලධාරීන් පවසයි.

කත්මන්ඩු හි යුනිසෙප් ප්‍රකාශක කෙන්ට් පේජ් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ ළමුන් පාසැල් වලට යා යුතුව ඇත්තේ ඉගෙන ගැනීමට පමණක් නොව පාසැල් වල දී  භූමි කම්පා සහ කම්පන මගින් ආරක්ෂාව ද සැලසෙන හේතුවෙන් බවයි.

නේපාලයේ යුනිසෙෆ් නිත්‍ය නියෝජිත ටුමෝ හුසුමි පැවසුවේ තාවකාලික ස්ථාන වල අධ්‍යාපන සඳහා කටයුතු ඉතාමත් ඉක්මනින් සුදානම් කළ යුතු බවයි. නොඑසේනම් විශාල ලෙස සිසුන් පාසැල් හැරයාම සිදුවිය හැකි බවද හෙතෙම පෙන්වා දෙයි. නේපාලයේ වයස අවුරුදු පහ සහ නවය අතර සිසුනට උදෑසන 9.30 සිට පස්වරු 3.00 දක්වා නිදහස් අධ්‍යාපනය රජය මගින් නොමිලයේ ලබා දෙයි.

මේ හේතුවෙන් පසුගිය දශක තුනක කාලයේ සිට පාසැල් වලට අධ්‍යාපනය වෙනුවෙන් ඇතුලත් වු සිසුන් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබිණි.

1990 දි පාසැල් වලට ඇතුලත් වු සිසුන් සංඛ්‍යාව සියයට 64 ක් වුවද මේ වසර වනවිට එම තත්වය සියයට 95 දක්වා ඉහළ ගොස් ඇති තිබිණි. භූමිකම්පාව හේතුවෙන් දරුවන් පාසල් හැරයන තත්ත්වයට පත්වුවහොත් එය එය ඉතා ඛේදනීය තත්ත්වයක් බව ද යුනිසෙෆ් සංවිධානය පෙන්වාදෙයි.



අදහස් (0)

නේපාලේ අධ්‍යාපනය අනතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site