නේපාල අග්‍රාමාත්‍ය ධුරය යළිත් වරක්, හිටපු මාඕවාදී කැරැලි නායක පුෂ්ප කමල් දාල් හෙවත් ‘ප්‍රචණ්ඩා’ ට හිමි විය. පුෂ්ප කමල් දාල් නේපාල අග්‍රාමාත්‍ය ධුරයට පත්වන්නේ තෙවැනි වරටය.
අතීතයේ දශක ගණනක් නේපාලයේ පැවැති මාඕවාදී අරගලයේදී ඊට නායකත්වය දුන් බිහිසුණු කැරලි නායකයා වූයේ පුෂ්ප කමල් දාල් සැලකෙයි. ඔහු ‘ප්‍රචණ්ඩා’ යන නමින් හැඳින්වෙන්නේ ද ඒ නිසාය.
පස් වසරක ධුර කාලයක් සඳහා නව රජයක් පිහිටුවීමේ අරමුණ ඇතිව, නේපාල මහ මැතිවරණය පසුගියදා පැවැත්විණි. කෙසේ නමුත් එයින් කිසිදු පක්ෂයකට බහුතරය හිමු නොවිණි.
ඒ අනුව, ‘මාඕවාදී’ පක්ෂයට නායකත්වය දෙන 68 හැවිරිදි පුෂ්ප කමල් දාල්, නේපාලයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘එක්සත් මාර්සිස්ට්-ලෙනින්සිස්ට්’ පක්ෂය සහ ඊට සහාය දක්වන සෙසු කුඩා පක්ෂ ද හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට එකඟත්වය පළ කළේය. ඒ අනුව, අග්‍රාමාත්‍ය ධුරය පුෂ්ප කමල් දාල් ට හිමිවිය.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නේපාල අගමැති ධුරය තෙවැනි වරටත් ‘ප්‍රචණ්ඩා’ට