IMG-LOGO

නේප්චුන් ග්‍රහයට තවත් හඳක්

අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමයේ විද්‍යාඥයෝ පිරිසක් පෙරේදා (15) සමත්වූ බව ඩේලි මේල් පුවත්පත කියයි.

 එම සොයා ගැනීමත් සමඟ නෙප්චූන් ග්‍රහයාට අයත් චන්ද්‍රයන් ගණණ 14 තෙක් ඉහළ යන බව ද විද්‍යාඥයෝ පවසති.

 විද්‍යාඥයන් හට මෙම ඉතා කුඩා චන්ද්‍රයා දකින්න ලැබී ඇත්තේ හබල් දුරේක්ෂයේ ආධාරයෙන් මීට වසර 10 කට පෙර නෙප්චූන් ග්‍රහයාගේ ගත් ඡායාරූප යළි පරීක්ෂා කරද්දීය.ඔවුන් පෙර ජායාරූප නැවත පරීක්ෂා කරද්දි එම ජායාරූප වල කළින් නොදුටු තිතක් දුටු බවත් එය පරීක්ෂා කිරීමේදී මෙම සොයාගැනීම කළ බවත් ඔවූහූ පවසති.මෙය  අහම්ඹෙන් සිදුවුණු සොයා ගැනීමක් යැයිද  ඔවුහු වැඩිදුරටත් පවසති.

 එස්/2004 එන් 1 ලෙස නම් කර ඇති මෙම චන්ද්‍රයාගේ විශ්කම්භය ආසන්න වශයෙන් සැතපුම් 12 වන බවත් නෙපචූන් ග්රිහයාගේ සිට සැතපුම් 65,400ක් දුරින් මෙය පිහිටා ඇති බව විද්‍යාඥයෝ පවසති.මෙම චන්ද්‍රයා සාමාන්‍ය තරුවකට වඩා බොහෝ සෙයින් දීප්තියෙන් අඩු බවද විද්‍යාඥයෝ පවසති.

 



අදහස් (0)

නේප්චුන් ග්‍රහයට තවත් හඳක්

ජනක Wednesday, 17 July 2013 12:27 PM

මෙයාල තාම නේප්ටුන්ගේ හඳවල් ගැන හොයනවා, අපේ බුදු හාමුදුරුවන්ගේ කාලේ මීට වැඩිය ගොඩක් දුර තියෙන විශ්වය ගැන ගොඩක් දේවල් දැනගෙන හිටියා. (නි)

:       0       0

උපාලි Wednesday, 17 July 2013 08:57 AM

ඕකෙ වාතයයි, වතුරයි තියෙනවද දන්නේ නැහැ. දෙවු මිනිස් සැප කෙලවර එහෙවත් උපදින්න ප්‍රාර්ථනා කරන්න. ඒත් මෙහෙ කට්ටිය ඡන්දෙ ඉල්ලගෙන එහාටත් එයි. (නි)

:       0       0

ෆර්සාන් Thursday, 18 July 2013 12:23 PM

ජනක, නාසා ආයතනයට ඒවා ගැන කියලා දුන්නා නම් හොඳයි නේද? හොඳ තනතුරකුත් ගන්න පුළුවන් වෙයි ඔයාට නාසා ආයතනයේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 485 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 648 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 265 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site