IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නෙදර්ලන්ත අගමැති සමාව ඉල්ලයි

යටත් විජිත සමයේ, සිදුවුණු අපරාධ සම්බන්ධයෙන්, නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් සමාව ඉල්ලීමක් කළේය. නෙදර්ලන්තය හෙවත් ඕලන්දය වනුවෙන් හැඳින්වෙන්නේ ලන්දේසීන්ය.

වසර 250 ක කාලයක් තිස්සේ ලන්දේසීන් වහල් සේවයේ යෙදීම, ‘මනුෂ්‍යත්වයට එරෙහිව කළ අපරාධයක්’ ලෙස තමන් සලකන බව ද සමාව ඉල්ලමින් නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නෙදර්ලන්ත රජය මෙසේ නිල වශයෙන් සමාව ඉල්ලීමක් කළේ යුරෝපා රටවල යටත් විජිත සහ වහල්භාවය අවසන් වී වසර 150 ක් ගතවීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.

ලන්දේසීන් ඔවුන් විසින් යටත් විජිත කරගත් රටවල 6,00,000 කට වැඩි පිරිසක් වහලුන් ලෙස තබා ගත්තේය. නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට්, ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේ හේග් අගනුවර නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරයේ පැවැති විශේෂ උත්සවයේදීය.

නෙදර්ලන්ත රාජධානිය, නිල වශයෙන් හැඳින්වෙන්නේ නෙදර්ලන්තය යන නමිනි. නෙදර්ලන්තයේ රජු විලියම් ඇලෙක්සැන්දර්ය. නෙදර්ලන්තය උතුරු දකුණු ඕලන්දය යනුවෙන් පළාත් දෙකක් එක් වී නිර්මාණය වෙයි.

නෙදර්ලන්තයට ඕලන්දය යනුවෙන් හැඳින්වෙන්නේ මේ නිසාය. ශ්‍රී ලංකාව ලන්දේසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූයේ 1658-1796 දක්වා කාලයේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නෙදර්ලන්ත අගමැති සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26094 26

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18156 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10864 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 603 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 177 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 838 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site