දෙවැනි ලෝක යුද සමයේ භාවිත කළ ටොන් 1.8ක් බරැති බෝම්බයක් ජර්මනියේ දකුණු දිග ඔග්ස්බර්ග් නගරයේ දී හමුවීමෙන් පසු එය නිෂ්ක්‍රීය කිරීමට නත්තල් දිනය දා එම නගරයේ 50000ක් පමණ ජනයා ඉවත් කැරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එම බෝම්බය පසුගිය සතියේ දී සොයා ගැනුණේ පොළොව යට පිහිටි වාහන අංගනයක ඉදිකිරීම් කටයුතු සිදුකැරෙමින් පවතිද්දීය. ආරක්ෂිත කලාපයක් ලෙස සැතපුමකට වැඩි ප්‍රමාණයක කොටසක් නම් කැරුණු අතර නිවැසියන් 54000ක් සහ නිවාසවල භාණ්ඩ 32000ක් පමණ ඉවත් කැරිණි.
නත්තල් දා පෙරවරු 10ට පමණ ඔවුන් ඉවත් කැරුණු බවත් රැඳවුම් මධ්‍යස්ථාන ලෙස පාසල් සහ ගෘහස්ථ ක්‍රීඩාංගණ යොදාගත් බවත් කියති.
රාත්‍රී 7 පමණ වනවිට බෝම්බය සම්පූර්ණයෙන් නිෂ්ක්‍රීය කැරුණු බවත් ආරක්ෂිත කලාපය ඉවත් කැරුණු බවත් එම නගරයේ නිල ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කැරිණි. මේ හේතුවෙන් තමන්ට නත්තල් දිනය දා සතුටින් හා විනෝදයෙන් කල්ගත කිරීමට තිබූ අවස්ථාව මගහැරී ගිය බවට එහි ජනයා චෝදනා නගති.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නත්තල්දා ජර්මනියේ නගරයක් හිස් කරයි