IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නීතීඥවරුන් පහර දුන්නැයි බැංගලෝර් මාධ්‍යවේදීහු වීදිබසිති

ප‍්‍රවෘත්ති වාර්තාකරුවන්ට සහ කැමරා ශිල්පීන්ට පහර දුන් නීතීඥයන් පිරිසකට එරෙහිව වහා කි‍්‍රයා මාර්ගයක් ගන්නැයි කර්ණාටක මහ ඇමැතිට බල කරමින් ඉන්දියාවේ බැංගලෝර් ප‍්‍රාන්තයේ මාධ්‍යවේදීහු පෙරේදා (3) විරෝධතාවක් පැවැත්වූහ. බැංගලෝර් ප‍්‍රාන්ත මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් කිහිප දෙනකු නීතීඥවරුන්ගේ පහර කෑමට ලක් වූයේ ඉකුත් සිකුරාදා (2) ය. එම අවස්ථාවේ ඔවුහු නීතීඥවරුන් පැවැත් වූ උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගොස් සිටියහ. නීතිඥයන් එම විරෝධතාව පැවැත්වූයේ ඉකුත් සිකුරාදා (2) බැංගලෝර් මහාධිකරණය ඉදිරිපිටදීය. විරෝධතාවට හේතු වූයේ පොලිස් ප‍්‍රහාරයකින් නීතීඥවරයකු තුවාල ලැබීමය. නීතීඥවරුන් චෝදනා කරන්නට වූයේ ඔවුන්ට සිදුවූ අසාධාරණයට නිසි ලෙස ප‍්‍රසිද්ධියක් ලබා දීමට මාධ්‍ය අපොහොසත් වූ බවය. ඔවුන් මාධ්‍යවේදීන්ට පහර දී ඇත්තේ එම නිසාය. එම අවස්ථාවේදී කලහකාරීව හැසිරුණු නීතීඥයන් මර්දනය කිරීමට පොලිස් නිලධාරීහු පැමිණියහ. නීතීඥයන් ඔවුන්ට බෝතල් සහ ගල්මුල් වලින් පහර දුන් අවස්ථාවේදී මාධ්‍යවේදීහු කැමරා ශිල්පීහු සහ පොලිස් නිලධාරීහු බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ එම පිරිස් රෝහල් ගත කරන අයුරුද සජීවී ලෙස රූපවාහිනී පුවත් සේවා වාර්තා කර තිබුණි. පෙරේදා (3) පැවැති විරෝධතාවට බැංගලෝර් ප‍්‍රාන්තයේ සෑම මාධ්‍ය ආයතනයකම ප‍්‍රධානීහු සහ මාධ්‍යවේදීහු එක් වූහ.   ”අප කර්ණාටක මහ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මාධ්‍යවේදීන්ට පහර දුන් එම නීතීඥයන්ට එරෙහිව වහා පියවරක් ගෙන ඔවුන්ට දඬුවම් ලබා දෙන්න කියා” යැයි විරෝධතාවයට එක් වූ බැංගලෝරයේ ‘ස්වර්ණ’ රූපවාහිනී සේවයේ ප‍්‍රධානී විෂ්වේශ්වර් භාත් පැවැසීය.



අදහස් (0)

නීතීඥවරුන් පහර දුන්නැයි බැංගලෝර් මාධ්‍යවේදීහු වීදිබසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 965 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site