IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 18 ක් මියයති

ඇෆ්ගනිස්තානයේ ලොගාර් පළාතේ ගම්මානයක සැගවී සිටි තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නේටෝ හමුදා පෙරේදා (6) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු සිවිල් වැසියෝ 18 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. නේටෝ ප‍්‍රහාරය එල්ල වූයේ කාබුල් නුවරට දකුණු දෙසින් පිහිටි ලෝගාර් ප‍්‍රාන්තයේ ගම්මනයකටය. ප‍්‍රහාරයෙන් කාන්තාවන් පස් දෙනකු සහ කුඩා දරුවන් හත් දෙනකු මියගිය බවත් ප‍්‍රාන්ත පොලිස්පති රේමස් ඛාන් සදීක් පවසයි. ප‍්‍රහාරය එල්ල වූයේ ලෝගාර් ප‍්‍රාන්තයේ සෝදිසි මෙහෙයුම්වල නියැළි නේටෝ හමුදා සෙබළුන් කණ්ඩායමකට සටන්කාමීන් අත් බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව යැයි නේටෝ හමුදාව පවසයි. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ ප‍්‍රහාරයෙන් තලේබාන් සටන්කාමීන් හත් දෙනකු ද ජීවිතක්ෂයට පත් වූ බවය. සිවිල් වැසියන් ඝාතනය වූ බව නේටෝව පිළිගෙන නැත. ජෙට් යානා යොදා ගනිමින් නිවැරදි ඉලක්කයට ගුවන් ප‍්‍රහාරය එල්ල කළ බවටත් තලේබාන් සටන්කාමීන් පමණක් එයින් ජීවිතක්ෂයට පත් වූ බවටත් නේටෝ හමුදාව සහතික වෙයි. සිවිල් වැසියන් ඝාතනයට විරෝධය පළ කරමින් ඊයේ (7) කාබුල් නුවර විරෝධතා රැළියක් පැවැත්වුණු අතර ඇෆ්ගන් වැසියෝ දහස් ගණනක් ඊට සහභාගී වූහ. ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සයි නේටෝ සහ ඇමෙරිකා හමුදා ‘හුරතල් කරනවා’ යැයි විරෝධතාකරුවෝ චෝදනා කරන්න වූහ. මීට පෙර කිහිපයකදී ද නේටෝ ගුවන් ප‍්‍රහාරවලින් ඇෆ්ගන් සිවිල් වැසියන් ඝාතනය වී ඇති අතර, ඇෆ්ගන් ජනපති හමීඞ් කර්සායිගෙන් ඇමෙරිකාවට දෝෂාරෝපණ එල්ල වී ඇත. ලෝගාර් ප‍්‍රාන්තයේ ගම්මානයට එල්ල වූ ගුවන් ප‍්‍රහාරයෙන් සිවිල් වැසියන් මියයෑම සම්බන්ධයෙන් ද ජනපති කර්සායි ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝවට දොස් පවරා තිබේ. ඉන්දීය සංචාරය අවසන් කර ඊයේ ඇෆ්ගනිස්තානයට පැමිණි ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පැවැසුවේ සිදුවූයේ කුමක්දැයි සොයා බැලීමට තමන් ද කටයුතු කරන බවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගන් සංග‍්‍රාමය අවසන් කර ඇෆ්ගනිස්තානයෙන් පිට වීමට සූදානමින් සිටින්නේ 2014 වසරේදීය. ඔවුන් එසේ කරන්නේ ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාව ඇෆ්ගන් ආරක්ෂක අංශ වෙත පැවැරීමෙන් පසුවය.



අදහස් (0)

නේටෝ ප‍්‍රහාරයෙන් ඇෆ්ගන් සිවිල් වැසියෝ 18 ක් මියයති

කෝලිත Saturday, 09 June 2012 12:02 PM

නේටෝ වල කිසි ප්‍රශ්නයක් නෑ

:       0       0

ලක්ෂාන් Saturday, 09 June 2012 12:22 PM

හෙණ ගහන අපරාධ.මේවා කිසි කෙනෙකුට පේන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site