ලිබියා අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට යැයි කියමින් නේටෝ හමුදා ගුවන් ප‍්‍රහාර එල්ල කරද්දී මානව හිමිකම් උල්ලංඝනයක් සිදුවූ බවත්, සිවිල් වැසියන් බොහෝ දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසයි. නේටෝව සිදුකළ ගුවන් ප‍්‍රහාර ගැන සොයා බැලීමට විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කර ඇති අතර එහි නායකයා වන්නේ පිලිප් කි‍්‍රෂ්ච්ය. ඔහු පෙරේදා (10) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වෙන්නේ නේටෝ ගුවන් හමුදාව එල්ල කළ ගුවන් ප‍්‍රහාර 20 කින් සිවිල් වැසියන් 60 දෙනකු මියගිය බවත්, 55 දෙනකු තුවාල ලැබූ බවත්ය. -‘‘යුද්ධයකදී හමුදා ප‍්‍රහාරවලින් සිවිල් වැසියන් මිය යනවා. ඒත් නේටෝව සිදුකළ එම ගුවන් ප‍්‍රහාර 20 ගැන අප සතුටු වන්නේ නැහැ. සිවිල් වැසියන්ට අනතුරක් සිදුවිය හැකි බව දැනගෙනයි ඔවුන් එම ප‍්‍රහාර එල්ල කර තිබෙන්නේ” යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පෙන්වා දෙයි. ලිබියාවට එල්ල කළ නේටෝ ප‍්‍රහාර සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමටද එම අවස්ථාවේදී තීරණය කෙරුණි.
2025 නොවැම්බර් මස 04
26
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නේටෝව ලිබියාවට පහරදෙද්දී මානව හිමිකම් උල්ලංඝනය වුණා