එන්නත් මාත්‍රා දෙකම නියමිත පරිදි ලබාගත් ධවල මන්දිර නිලධාරියකුට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී පවසා තිබේ.
'මා දැනුම් දෙන්න කැමතියි, අනුමත කළ එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා ගත් ධවල මන්දිර නිලධාරියකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා. ඔහු ජනාධිපති ජෝ බයිඩන් හෝ ධවල මන්දිරයේ ඉහළ පෙළ නිලධාරීන් සමඟ සම්බන්ධ වූ තැනැත්තෙක් නොවෙයි.' යැයි මාධ්‍ය ප්‍රකාශිකා ජෙන් සාකී පැහැදිලි කර තිබේ.
අදාල නිලධාරියා සහ ඔහුගේ ආශ්‍රිතයන් හඳුනා ගෙන ඇති බවත්, ඔවුන් නිරෝධායනයට යොමු කළ බවත් පැවැසෙයි. ආසාදිත නිලධාරියාගෙන් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හැර වෙනත් කිසිදු රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බව ද පැවැසෙයි. එම නිලධාරියා කොරෝනා පරීක්ෂණයකට යොමු කර ඇත්තේ ද මෙම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හේතුවෙනි. ආසාදිතය නිලධාරියාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍යවෙත අනාවරණය කර නැත.
'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් සහ මරණ වැඩිම රට ලෙස තවමත් සැලකෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකාවේ අවුරුදු 12 ට වැඩි සියලු දෙනාට එන්නත් ලබා දීම සිදුවෙමින් පවතී. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට ඇමෙරිකාවේ වැඩිහිටි ජනගහනයෙන් සියයට 68 කට වඩා වැඩි පිරිසක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇත.
එන්නත් ලබාගෙන තිබියදී 'කොවිඩ්19' වයිරසය සහ එහි විකෘති ප්‍රභේද ආසාදනය වීමේ ප්‍රවණතාවක් පවතී. එසේ වුවත්, කොරෝනා වයිරසය නිසා ඇතිවන සංකූලතා අවම කර ගැනීමටත්, රෝහල්ගතවීමට සිදුවීම සහ මරණයට පත්වීම වළක්වා ගැනීමටත් එන්නත්වලට හැකියාව ඇති බව සෞඛ්‍ය අංශ දිගින් දිගටම පෙන්වා දී තිබේ.
මේ වනවිට ඇමෙරිකාවෙන් වාර්තා වන සියයට 80 කට වැඩි කොරෝනා ආසාදිතයන්ට ආසාදනය වී ඇත්තේ 'ඩෙල්ටා' ප්‍රභේදය යැයි ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
(රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ධවල මන්දිරයේ කොරෝනා බියක්