IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ධවල මන්දිරයේ කොටසක් කඩා දැමේ

නව උත්සව ශාලාවක් එක් කිරීමේ අරමුණින්, ධවල මන්දිරයේ කොටසක් කඩා දමා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි. මෙම උත්සව ශාලාව ඉදිවන්නේ ට්‍රම්ප්ගේ යෝජනාවකට අනුවය.

ධවල මන්දිරය යනු වොෂින්ටන් අගනුවර පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ නිල නිවස සහ ප්‍රධාන සේවා ස්ථානයයි. මෙය නැගෙනහිර අංශය (ඊස්ට් විංග්) සහ බටහිර අංශය (වෙස්ට් විංග්) ආදී වශයෙන් කොටස් දෙකකි.

නව උත්සව ශාලාව නිර්මාණය කිරීම සඳහා මේ වනවිට කඩා බිඳ දැමීම සිදුවන්නේ, ධවල මන්දිරයේ නැගෙනහිර අංශයට අයත් කොටසකි. එම කටයුතු මේවනවිට ආරම්භ වී ඇතැයි පැවැසෙයි. උත්සව ශාලාව වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 250 ක් වැය වන බව ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

ධවල මන්දිරයට නව උත්සව ශාලාවක් අවශ්‍ය බව ට්‍රම්ප් නිවේදනය කෙළ් මාස කීපයකට පෙරය. එසේ වුවත්, එම උත්සව ශාලාව ඉදි කිරීමට ධවල මන්දිරයට කිසිදු හානියක් සිදු නොකරන බව ඔහු අවධාරණය කර තිබුණි.

“ධවල මන්දිරය කියන්නේ මා ආසම තැන. මම එතැන කිසිම විදියකින් වෙනස් කරන්නේ නැහැ. අලුත් උත්සව ශාලාව ඉදි කෙරෙන්නේ ධවල මන්දිරයට යාබදවයි. ධවල මන්දිරයට කිසිදු ලෙසකින් හානියක් සිද්ධ වෙන්නේ නැහැ.” යැයි ට්‍රම්ප් පවසා තිබුණි.

කෙසේ නමුත් මේවනවිට ධවල මන්දිරයේ නැගෙනහිර අංශයට අයත් කොටසක් කඩා දැමීමේ කටයුතු ආරම්භ වී ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ එහි ඡායාරූප ද පළ කරමිණි.

“අවුරුදු 150 ක් තිස්සේ ධවල මන්දිරයට ආ ජනාධිතිවරුන් සියලු දෙනාට තිබුණු අඩුවක් තමයි උත්සව ශාලාවක් නොමැතිකම. රාජ්‍ය තාන්ත්‍රිකයන් වෙනුවෙන්, විදෙස් රාජ්‍ය නායකයන් වෙනුවෙන් සාද පැවැත්වීමට ස්ථානයක් නොමැතිකම. ඒ නිසයි මා මෙම උත්සව ශාලාව ඉදි කිරීමට සැලැසුම් කරන්නේ.” යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

ධවල මන්දිරයේ ඉදිකිරීම් ආරම්භ වූ බව පැවැසෙන්නේ, 1792 ඔක්තෝබර් 13 වැනිදාය. මුලින් එය ජනාධිපති මාලිගාව හෝ විධායක මැදුර වැනි නම් වලින් හැඳින්වූ අතර, 1901 දී ජනාධිපති තියඩෝර් රූස්වෙල්ට් විසින් එය ධවල මන්දිරය ලෙස නම් කරන ලදී.

ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කාර්යාල පිහිටා ඇත්තේ මෙම බටහිර අංශයේය. ප්‍රසිද්ධ ඕවල් කාර්යාලය මෙහි පිහිටා ඇත. ධවල මන්දිරයේ මුළු කාමර සංඛ්‍යාව 132 ක් පමණ වන අතර, නාන කාමර 35 ක් පමණද ඇත. සම්පූර්ණයෙන්ම පිටත තීන්ත ආලේප කිරීම සඳහා තීන්ත ගැලුම් 300 ක් පමණ අවශ්‍ය වන බව පැවැසෙයි.

ධවල මන්දිර භූමිය එක්සත් ජනපද ආරක්ෂක සේවය සහ උයන් පොලීසිය විසින් ආරක්ෂා කරනු ලැබේ. එය ලොව බලවත්ම ප්‍රජාතන්ත්‍රවාදයක සංකේතයක් ලෙස සැලකෙයි.



අදහස් (0)

ධවල මන්දිරයේ කොටසක් කඩා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 238 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 388 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site